(යොහාන් භාසුර,සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)

‘පොඩි මැණිකේ’ දුම්රියේ අනවසරෙන් ගමන් කළ විදේශිකයන් දෙදෙනකු නිසා එම දුම්රිය පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇති බවත් අදාල විදේශිකයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (5) පැවසීය.

‘පොඩි මැණිකේ’ දුම්රිය පෙරවරු 10.30 ට පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයට ළගාවුවද අදාල විදේශිකයන් දෙදෙනා ඉවත්කිරීමෙන් පසුව පෙරවරු 11.17 ට පමණ පිටත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.

මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවූ විදේශිකයන් පිරිසකගෙන් දෙදෙනෙක් පමණක් ප්‍රවේශපත් නොමැතිව ඒඑෆ්සී මැදිරියට ඇතුළු වී තිබූ බවත් ඔවුන්ට ඉන් ඉවත්වන ලෙස දැනුම් දුන්න ද ඉවත්නොවීම නිසා පොලිසිය කැඳවූ බවත් එම නිලධාරියා කීය.