(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති.
එම නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගිය 12 සහ 13 දෙදින කුකුලේගඟ ප්‍රදේශයේ හෝටලයක පැවැති බවත් එම පළමු අදියරට සේවකයන් 100 ක් සහභාගි වන බව පැවසුණ ද එයට 80 පමණ පිරිසක් සහභාගි වී ඇති බවත් සේවකයෝ කියති.
ඒ අනුව පළමු අදියර වැඩසටහනට පමණක් රුපියල් ලක්‍ෂ 30 කට අධික මුදලක් වැයකර ඇති බව කියන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවකයෝ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස ආණ්ඩුව අවස්ථා කීපයකදී ලිඛිතව දැනුම්දී තිබියදී මෙවැනි පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව ගැටලු මතුවන බව ද සඳහන් කරති.
මෙම වැඩසටහනේ තවත් අදියර කීපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව කියන එහි සේවකයෝ මේවා පුහුණු වැඩසහන්වලට ඔබ්බට ගිය විනෝද චාර්කා යැයි ද කියති.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන හා මානව සම්පත්) රසික ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පුහුණුව සඳහා නිල වශයෙන් වෙන්කර ඇති මුදල්වලින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සේවකයන්ගේ වෘත්තිය හැකියාවන් වර්ධනය කිරීම මෙහි එකම අරමුණ බවත්ය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වාර්ෂික පුහුණු වැඩසටහන් පෙළගැස්ම වඩාත් කාර්ය බහුල එකක් බව කී රසික ජයසිංහ මහතා මේ සඳහා සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් වැයවූ මුදල කපා හරින බව දැනුම් දුන්න ද එසේ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පරිපාලන හා මානව සම්පත්) වගකීමකින්ද වැඩ කරන්නේ? වැටුපෙන් වැයවූ මුදල කපාහරින බව දැනුම් දුන්නද එසේ කිරීමේ බලාපොරොත්තුවක් නොමැති නම්, මොකටද එහෙම දැනුම් දුන්නේ? දැන් රටේ ජෝකර්ලා වැහිවැහැලා.
අපි අමාරුවෙන් හොයාගන්න සල්ලි හැම අවුරුද්දේම මෙයාලට පූජා කරන්නේ මේ වගේ විනෝද වෙන්න වෙන්න ඇති. එයාර් පෝට් එකේ වැඩකරන අයට කතාකරන්න පුහුණුවක් දුන්නා නම් හොඳ නැද්ද? දුප්පත් මිනිස්සු අමාරුවෙන් පිටරට ගිහින් හම්බ කරන මුදලින් මොවුන් සැපගන්නවා. සත පහක වැඩක් නැති ආයතනයක් මේක. රට යන අයට රක්ෂණයක් ඕනෑ නම් ඕනම රක්ෂණ ආයතනයකින් ගන්න සලස්වලා, මෙයාලාව ගෙදර යැව්වා නම් මුළු රටම යහපතක් වෙන්නේ.