
(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට හිවන ඉන්ධන පිරවුම්හල් 350 පිරිවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (5) පැවැත්විණි.
නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර තිබේ.
මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක යන මහත්වරු ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධෙ මේවා රජය(ජන) සතු කලේ. දැන් අවුරුදු 60 කට විතර පස්සේ නැවත කම්පැණි වලට දෙනවා . රට දරුණු ලෙස අගාධයටම වැටිලා තියෙන නිසා ආණ්ඩු කිරිමටත් අපට කරන්න බැහැ. ඒ නිසා ආණ්ඩුවත් පිට රටියෙකුට දෙන්න. ඕගොල්ලෝ එල්ලිලා ඉන්න එපා. සුද්දා නිදහස දෙන විට අප නය වෙලා තිබුනේ නැහැ. භාණ්ඩාගාරයේ මුදලුත් තිබුන නේද?
ඉන්ධන හල් 350 ක් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කරනවා කියන ක්‍රමය මොකක්ද?
මේ රටේපාලනය නීතිය උගන්නපු රට බ්‍රිතාන්‍යටම බාරදීපල්ලා. මුළු ලෝකෙන්ම පජාතයෝ අපේ බොසින්හයෝ ලන්කාවේ.
මොනව වුනත් සමහර රාජ්‍ය සංස්ථාවල වෘත්තීය සමිතිවල බලය බිඳ දැමීමට වග බලාගත යුතුය..... පඩි දීමනා පහසුකම් පමණයි... සේවය නෑ.. නමුත් සෞඛ්‍ය අධ්‍යාපන ආදියට ආදායම සේවයට සරිලන ලෙස නෑ. හෙද වෛද්‍ය ගුරුවෘත්තිය ආදියට හිඟන වැටුප්තල......