IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


විදේශ නෞකා කාර්ය මණ්ඩලවලින් අවදානමක්

(බිඟුන් මේනක ගමගේ) 

මගී නෞකාවල පිරිස්වලට මෙරට වරායවලින් ගොඩබැසීම තහනම් කළත් භාණ්ඩ ප්‍රවාහන විදේශ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයන් වරායවලින් ගොඩබැසීමෙන් සෞඛ්‍යමය වශයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි වරාය තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

කොරෝනා වයිරස ආසාදනය ලොව පුරා පැතිර යාමත් සමඟ සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල් කීපයක් විදේශ නෞකා කාර්යමණ්ඩල ගොඩබැසීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතැයි ද එම කාර්ය මණ්ඩල ගොඩබැසීම සඳහා ලංකාවේ වරාය තොටුපොළ පාවිච්චි කරන්නේ යැයි ද ගාල්ල වරායේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

ගාල්ල, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරායවල දැනට මෙම මෙහෙයුම් සිදුවන්නේ යැයි ද විදේශ වරායවලින් පනවා ඇති තාවකාලික තහනමෙන් පසු මෙරට සිදුවන මෙහෙයුම් සංඛ්‍යාත්මකව වැඩි වී ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.

මෙසේ ලංකාවේ වරායවලින් ගොඩ බසින නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය රට බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ භාවිත කරන්නේ යැයි කී හෙතෙම යම්හෙයකින් කොරෝනා අසාදිතයකු ඔවුන් අතර සිටියහොත් එය අතිශය අවදානම් සහගත තත්ත්වයක් වනු ඇතැයි ද අවධාරණය කර කීය. 

එසේ ආසාදිතයකු සිටියහොත් මෙසේ කටුනායක දක්වා ඔවුන් ගමන් කිරීමට ගතවන කාලය හා දුර අනුව ස්වදේශිකයන්ට ආසාදනය වීමට වුව අවදානමක් ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ සුදත් අමරවීර මහතා පැවැසුවේ ඇතැම් රටවල් විදේශ නෞකා කාර්යමණ්ඩල ගොඩබැසීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතත් ලංකාව තවමත් මුළුමනින්ම නැවතීමට තීන්දුවක් ගෙන නැති බවය.

එසේ විදේශ නෞකා කාර්යමණ්ඩලවල ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරන පිරිස් සිටියහොත් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යටත් කර ඇතැයි ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අවදානම හා එය වැලැක්වීමට ඒ ඒ රටවල් අනුගමනය කරන ක්‍රමවේදවල වෙනසක් ඇතැයි ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (2)

විදේශ නෞකා කාර්ය මණ්ඩලවලින් අවදානමක්

PRIYANKARA Thursday, 12 March 2020 03:06 PM

ජනාධිපතිතුමනි, දැනටමත් පරක්කු වැඩියි. ඉතාම ඉක්මණින් අපේ රටේත් තහනම් කරන්න. (හදිසියකදී ඇරෙන්න) කිසිම නැව් කාර්ය මණ්ඩලවල අය ගොඩ බහින්න දෙන්නම එපා. හැම කුණුගොඩක්ම කොලේ වහලා ගාල්ලෙන් දාලායනවා... අනිවාර්යයෙන්ම .

:       0       1

Supun alwise Wednesday, 01 April 2020 06:33 PM

තවමත් ගාලු වරායේ ඉහත මෙහෙයුම් සිදුවේ. රට අනතුරේ... කවදාද මෙය නවත්වන්නේ. ජීව්ත කීයක් වෛරසයට බිලිවූ පසුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 462 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ඩිනාරා ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලයිස්තුවට
2024 මැයි මස 17 4 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 838 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


හොර වෙද්දු ගැන කියන්න අංකයක්
2024 මැයි මස 17 124 1

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ


ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ
2024 මැයි මස 17 421 0

ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගි


ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා
2024 මැයි මස 17 276 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 769 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2308 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1974 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site