(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
භාවිතයෙන් ඉවත් කෙරුණු වර්ග අටක ගමන් බලපත්‍ර විසි හත් දහස් පන් සිය තිස් නවයක් 2020 වර්ෂයේදී විනාශ කිරීමෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෝපා කමිටුව පවසයි.
මෙම ගමන් බලපත්‍ර භාවිතයෙන් ඉවත් කර ඇත්තේ 2018 වර්ෂයේදීය. මෙයට අමතරව ලක්ෂ 55 කට අධික වටිනා තවත් ගමන් බලපත්‍ර තොගයක්ද භාවිතයෙන් ඉවත් කර ඇතැයි එම කමිටුවේ විමර්ශනවලදී තොරතුරු හෙළිදරව්වී ඇත.
මෙහිදී කමිටුව කළ විමසුම්වලදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසා ඇත්තේ විවිධ හේතු මත වසර ගණනාවක් තිස්සේ එකතුවූ පැරණි ගමන් බලපත්‍ර මෙලෙස විනාශ කළ බවයි.
එසේම මැදපෙරදිග රටවල් සඳහා නව ගමන් බලපත්‍රයක් හඳුන්වාදීම නිසා පැරණි ගමන් බලපත්‍ර භාවිතයෙන් මෙලෙස ඉවත් කිරීමට සිදුවූ බවද එම නිලධාරීන් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි නියම තකතීරු වැඩ... මේ සල්ලි නාස්ති නොකර ඉන්න වැඩපිළිවෙළක් තිබුණේම නැද්ද? අලුත් එක හඳුන්වාදෙන්න කළින් පරණ ඒවා අවසන් කරන්න බැරි වුණාද? අනෙක පරණ එකේ තිබුණු වැරැද්ද මොකක්ද? කාගෙ වුවමනාවටද අලුත් එකක් හැදුවේ..?
භාවිතයට නූසුදුසු ගමන් බළපත්‍රනම් තියාගෙන සුප් හදන්න තබුනනේද? ගමන් බලපත්‍ර අක්‍රමිකතා වීම ලෝකයේ සුළබදෙයක්. එකම හා සුදුසුම ක්‍රමවේදයනම් විනාශකිරීම කිරීම නොවේද?