( තිළිණි ද සිල්වා )
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම ධූරයේ කටයුතු කරමින් සිටි රවිනාථ ආර්යසිංහ මහතාම යළි පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඊයේ (19) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කරනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම රාජතාන්ත්රිකයකු වන ආර්යසිංහ මහතා තානාපතිවරයකු වශයෙන් රටවල් රැසකම කටයුතු කළ අතර, පසුගිය එක්සත් ජාතික පෙරමුණ රජය යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතො විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනිදා හෙතෙම එම අමාත්‍යාංශ ලේකම් ධූරයට පත් වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර විදේශ ඇමති හැටියට කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් වැඩක් කරන කෙනෙක් පත්කරන්න.
මේක නම් යහපත් තෝරා ගැනීමක්. අනිත් තනතුරු වලටත් මේ වගේ උගත් බුද්ධිමත් අයව යොදාගෙන පිරිසිදු කැබිනට් එකකුත් දකින්න ලැබෙනවා නම් අපි කැමතියි. අපිට හොරු දැකල දැකලා එපා වෙලා ඉන්නේ.
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් වෙන්නේ නායකයා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක්නම් පමණයි. කොච්චර වැඩකාරයෙක් වුනත් නායකයා හරියට නැත්නම් වැඩක් නැහැ.
අප දන්නා පරිදි මොහු මෙයට සුදුසු නිලදාරියෙක්. එලෙසම විදේශ ඇමති ලෙස පතොලයෝ, පත්කිරීමෙන් වලකින ලෙස අපගේ අලුත් මුල් පුරවැසියාට දැන්වීමට කැමැත්තමු.
මේවගේ වෘතිකයින්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් ඉහල තනතුරු වන තානාපති, මහා කොමසාරිස් වැනි තනතුරුවලටත් පත්කරන්න. කිසිම රාජ්‍ය තාන්ත්‍රික සුදුසුකමක් නැති දේශපාලනික උදවිය තානාපති සේවයට යෙදෙව්වොත් කිසි දවසක මෙරටට ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැක. නිසි පුහුණු සෙබළුන්ගෙන් යුත් කණ්ඩායමකින් ඕනෑම යුද්ධයක් ජයගත හැකි බව අප සැවොම හොඳින් වටහා ගෙන ඇත.
ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිහ කනා මැදිරි එළියටත් බයයි. දෙන්නමත් ඇතුළු පවුලේ සැම හොඳ පාඩමක් ඉගෙනගත්තා. ඒ නිසා අනා ගන්න එකක් නැතිවෙයි.
භය වෙන්න එපා සිංහයෙකුට පුලුව ඕන කෙනෙක් ලවා වැඩ ගන්න.