(යොහාන් භාසුර)
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය කියයි.
එම අමාත්‍යාංශයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද එයින් බාධා ඇති වී තිබෙන බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් සළකා බලන බවත් එම අමාත්‍යාංශය පවසයි.
සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාලවලින් ද ලබාගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදේශ අමාත්‍යාංශයේ කොන්සුලර් අංශ පරිගණක පද්ධතිය බිඳවැටේ
Lalla Thursday, 11 May 2023 11:14 AM
ඔය ආයතන වල පරිගණක පද්ධති පිලිගත් දේශීය සමාගම්වලට කොන්දේසි සහිතව භාර දෙන්න. රජයේ ආයතන වල පරිගණක තාක්ෂණය හරිහැටි ක්‍රියාත්මක කිරීම නොහැකියි. වැටුප් පුහුණු සැසි වැඩිදුර පුහුණුව ආදිය රජයේ සේවයේ හරියට නැතිනිසා.