(යොහාන් භාසුර)
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය කියයි.
එම අමාත්‍යාංශයේ කොළඹ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට ද එයින් බාධා ඇති වී තිබෙන බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් සළකා බලන බවත් එම අමාත්‍යාංශය පවසයි.
සත්‍යාපන කටයුතු හැර කොන්සියුලර් කාර්යාලයේ සෙසු කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත මේ පිළිබඳ වැඩිදුර තොරතුරු යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සල් කාර්යාලවලින් ද ලබාගත හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආයතන වල පරිගණක පද්ධති පිලිගත් දේශීය සමාගම්වලට කොන්දේසි සහිතව භාර දෙන්න. රජයේ ආයතන වල පරිගණක තාක්ෂණය හරිහැටි ක්‍රියාත්මක කිරීම නොහැකියි. වැටුප් පුහුණු සැසි වැඩිදුර පුහුණුව ආදිය රජයේ සේවයේ හරියට නැතිනිසා.