(සුජිත් හේවාජුලිගේ )
විදුලියෙන් දුවන බස්රථ සහ ත්‍රීරෝද රථ මාර්ගයට යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.
මේ සාකච්ඡාවට යූ එන් ඩී පී ආයතනයේ නියෝජිත පිරිසක්ද සහභාගී වූහ.
රටපුරා ත්‍රීරෝද රථ ලක්ෂ දහයක් පමණ ධාවනය කෙරෙන අතර මෙම ත්‍රී රෝද රථ විදුලියට හැරවීමෙන් විශාල වශයෙන් ඉන්ධන පිරිමසා ගැනීමට හැකිවන බව බලශක්ති විශේෂඥයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව හඳට යන්න. ඒ වුණාට ලෝකෙට ණයයි.
එතකොට මේවා චාජ් කරන්නෙත් ඩීසල්, ගල් අඟුරු පුච්චලා ගන්න විදුලියෙන්ද? යුනිට් ප්‍රයිස් එක දැනටමත් වැඩියි නේද? ලංකාවේ සාමාන්‍ය අවශ්‍යතාවයවත් දෙන්න විදුලිය නැහැ නේද? එතකොට ඉලෙක්ටික් වාහනවලට මාරු වෙන්නේ කලින් වෙනන් ඕන අවශ්‍ය කරන විදුලි බලය සූර්ය සහ සුළං බල වලින් නිපදවන බලාගාර පිහිටුවන එක නේද? දවල් රෑ දෙකේම වැඩි වැඩියෙන් තෙල් ගල් අඟුරු පුච්චන්න අපට කොහෙන්ද ඩොලර්. ණයට කනව කියලා තව කොච්චර කාලයක් කන්නද? මේවා ඔබතුමාලගේ ඔලුව්ට යන්නේ නැද්ද?
මේ ඇමතිට තේරන්න නැද්ද ලංකාවේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සීයට 67 වැඩි ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ ඩීසල් සහ ගල් අඟුරුවලින් බව. ඉතින් කොහොමද ඉන්ධන පිරිමසා ගන්නේ? මේ මෝඩ අදහසට බලශක්ති විශේෂඥයෝ කිව්වා කියලත් කියනව. මේ දේශපාලකයෝ ජනතාව මුලා කරන්න සහ කල් මරන්න නොයකුත් බොරු කියනව. ගම්මන්පිල කිව්වා මන්නාරමේ තෙල් නිඩිය ගැන. ලොහාන් රත්වත්තේ කිව්වා ලෝකේ විශාල වටිනා මැණික් ගල මෙහෙ තියනවයි කියල. මෙකින් එන ආදායමින් රටේ ණයත් බේරිලා රටත් සංවර්ධන කරන්නත් පුළුවන් කියල. සත්‍ය වශයෙන් එහම වුනා නම්, අද ගෞටාබය රටෙන් පැනල ගිහින්, ලෝකේ වටේ රස්තියාදු වෙන්නත් ඕන නැහැ.
ආර්තික ඔස්තාර් ගේ කතා ගැන අපිට ආයේ අමුතුවෙන් අහන්ඩ දෙයක් නැහැ.
බන්දුල කිවුවොත් නම් ඔ්‍ක මේ කපේ වෙන්නෙ නෑ.
මේක තමයි මේ ආණ්ඩුවෙ හැටි. දිනපතාම කවුරුහරි ඉස්සරහට පැනලා ආන්දෝලනාත්මක බොරුවක් කියලා ජනතාව සන්සුන් කිරීමයි.
දිනපතාම පැය 3/ 4ක් විදුලි බලය කපන රටක විදුලියෙන් දුවන වාහන කොහොමද දුවන්නෙ ??
ත්‍රීවීලර් වසංතය තුරන්කරදමන්න. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න
ශුවර් එකටම මෙයා දැනටමත් පෙට්‍රොල් වාහන ඉලෙක්ට්‍රික් වලට හරවන කොම්පනියක් එක්ක ඩීල් එකක් දාගෙන ඇති.
ඔව්. ඉටි පන්දමක් අල්ලලා හරි චාර්ජ් කර ගන්න කියයි. මුන්ගෙ සේරම වැඩ අර මුරුන්ගා ගහ කැපුවා වගේනේ. මිනිස්සුන්ට සුර්ය ශක්ති උත්පාදක දෙන්න ලේසියෙන් කරන්න තියෙන දේ පැත්තක තියලා වැඩි වියදම් වැඩි කොමිස් සහිත සුලන් බලයට යනව.. අනිත් එව්වත් එහෙමයි.. මැරෙන්න පන අදින රටේ මස් රත්තලක් හොයනවා. පස්සේ ගස්ලබු බෑව කාපු එකාව අල්ලලා දඩුකදේ ගහන්න කතා කරනවා.