(යොහාන් භාසුර)
ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවකින් තොරව යෑම සඳහා ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කිරීම සදඟා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නිකුත් කරන ලෙස ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට අනුව මෙම එකඟතාව පළකළ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි ඇමතියාට කෙසේ හෝ විදුලි බිල වැඩි කරලා ජනතාව අසරණ තත්වයට පත්කරන උවමනාව තියෙන්නේ .නැත්නම් මේ වගේ විකල්ප ගැන සොයා බලලා උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවෝ වෙනුවෙන් යමක් කරන්න තිබුනානේ
අන්න හරි..ඔය තියෙන්නේ බලාගාරවල මාෆියාව... ඒවායින් භාගෙට විදුලිය නිපදවලා, පුද්ගලික බලාගාරවලින් වැඩිමිලට ගන්න එකනේ මෙච්චර කල් කළේ... දැන් කරපල්ලකෝ...! මේක මුලින්ම හරියට නියාමනය කළානම් මේ විදුලි අර්බුදය කොහෙත්ම වෙන්නේ නෑ. ලංවිමටත් හොඳ වැඩේ... හොරාකන එකේ සීමාවක් තියෙන්න ඕනෑ.
දැනට ජලය පාවිච්චි කළාට ඉදිරිය ගැන හිතලා කටයුතු කරන්න වේවි...