(යොහාන් භාසුර)

පැය දෙකයි විනාඩි 20 ක් හෙට (2) දිනයේ ද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.