IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලිය සැපයුම් යකඩය වැදී දැරිය රෝහලේ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල ගෝනගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට විදුලි සැපයුම ලබාදීමට සවිකරන  තිබූ එල් හැඩැති යකඩයක් ගැලවී පාරේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියකගේ හිසේ වැදීමෙන් දැරිය බරපතළ තුවාල ලබා ඇතැයි වාරියපොල දිසා රෝහල් ආරංචි මාර්ග කියයි.

නියමිත උසට වඩා භාණ්ඩ පැටවූ ලොරියක් විදුලි සැපයුම් රැහැනේ ගැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සවිකර තිබූ යකඩය ගැලවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

තුවාල ලද දැරිය උපකාරක පංතියකට සහභාගීවීම පිණිස යමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇත. අදාළ ලොරි රථය ගෝනගම නගරය ආසන්නයේදී ප්‍රදේශවාසීන් විසින් නවත්වාගෙන ඇත.

බරපතළ තුවාල ලද දැරිය වාරියපොල දිසා රෝහලට ඇතුලත් කළ අතර එහිදී මූලික ප්‍රථිකාර ලබාදිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවිණ. සිද්ධියෙන් තුවාල ලැබූයේ ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

විදුලිය සැපයුම් යකඩය වැදී දැරිය රෝහලේ

Nimal Friday, 16 June 2023 10:16 AM

කොතන ගත්තත් ප්‍රශ්නයක් .නීතිය කඩ කිරීමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site