(චමිල් රූපසිංහ)
තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතන 19 අතරින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ඒවා බවත් පාඩු ලබන තත්ත්වයේ තිබුණද කිසිඳු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමේ අදහසක් නොමැති බවත් ප්‍රවාහන කලමනාකරණ , විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු අද (15) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඇමතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහ විහාරයට ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සරුංගල්,වෙසක් කූඩු සහ හඳුන් කූරු අපනයනය කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් ආනයනය කරන බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී ආනයනය කළ ප්‍රමාණය මෙන් දෙගුණයක් අපනයනය කළ බවත් අද වනවිට එය මුළුමනින්ම කනපිට හැරී තිබෙන බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ළමයින්ට සරුංගලයක්,වෙසක් කූඩුවක් හදා ගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ නිසා බවත් සියලු දෙනා උනන්දුවී කැපවීමෙන් වැඩ කරනවා නම් මේ පාඩු ලබමින් රජයට බරක් වී තිබෙන ආයතන ගොඩ නැගීම අසීරු නොවන බවත් එහිදී මල්වතු මහනාහිමියෝ අමාත්‍යවරයා හමුවේ පැවසූහ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද කිය.
‘‘විදුලි බල මණ්ඩලය එක් විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 23.00 ක මුදලක් වැය කරන අතර අඩු අදායම් ලාභීන් ගෙන් එක් විදුලි ඒකකයක් වෙනුවෙන් අය කරනු ලබන්නේ රුපියල් 2.60 ක් වන බවත් සමස්තයක් ලෙස මෙම ඒකකයක් වෙනුවෙන් මණ්ඩලයට ලැබෙන්නේ රුපියල් 16.00 ක මුදලක් බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ අකාරයට සාධාරණ හේතුමත පාඩු ලබන ආයතන තිබෙන බවත් මෙයට අමතරව නාස්තිය , වංචාව , දූෂණය , නිසි වේලාවට විදුලි බලාගාර ඇති නොකිරීම වැනි කරුණු මතද ආයතන පාඩු ලබන බවත් ඔහු පැවසීය.
විදුලි බල මණ්ඩලය,ලංගම,ඛනිජ තෙල් සංස්ථාව හා දුම්රිය දෙපාර්තුමේන්තුව තුළ ඇතිව තිබෙන වංචා දූෂණ සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදුකර සියලු තොරතුරු හෙළි කර වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් සාධාරණ හේතු නොමැතිව රාජ්‍යය ආයතන පාඩු ලැබීමට දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන්ද වගකිව යුතු බවත් ඒ මහතා කීය.
පාඩු ලබන ආයතන ඇති අමාත්‍යාංශ කිහිපයක්ම තමන් ලාභ ලබන තත්ත්වයට පත්කර තිබෙන බවත් එලෙස පාඩු ලැබූ ධීවර අමාත්‍යාංශය තමන් ලබා ගැනීමෙන් පසු ලාභ උපයන මට්ටමට පත්කර ස්ථිර ගිණුමක්ද ඇති කළබව ඒ මහතා පැවසීය.
අද එය විනාශ වී තිබෙන බවත් අමාත්‍යාංශයේ ඇමැතිවරයා ඇතුළු ඉහළ පිරිස් වංචා දූෂණ කරන්නේ නම් පහළ සිටින අයද එයම සිදු කරනවා අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වංචාවෙන්, දූෂණයෙන්, සොරකමෙන් තොර රටක් ගොඩ නැගීමට ගන්නා වෑයමට සියලු සහය ලබා දෙන බවත් ඒ මහතා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පාඩු ලබන තත්වයේ තිබුණද කිසිඳු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමේ අදහසක් නොමැති බවත්"... මෙහෙම කියනකොටම අපට හිතෙන්නේ මේ ඇමතිවරු දන්නෙම පාඩු ලබනවා නම් විසඳුම මිල වැඩිකිරීම තමයි කියලා හිතන බවයි. මිල වැඩිකිරීමෙන් ආදායම වැඩිවෙනවා. ඇත්ත, ඇයි හත් ඉලව්වේ, වියදම කපා හැරීමෙන් (විශේෂයෙන් වැඩිමිල ටෙන්ඩර්වලට නොයාමෙන්, දූෂණය නැති කිරීමෙන්) ඔය වැඩේ කිරීම ජනතාවටත්, රජයටත් වඩා වාසිදායක විසඳුම බව කල්පනා වෙන්නේ නැද්ද? එහෙමත් කල්පනා කරන බව පෙනීම ගැන නම් සතුටුයි.
විදුලිය ඒකක 120 ත් 180 ත් අතරදී රු 32 ට හා 180 ට වැඩි රු 45ට විදුලිය විකුණයි. මෙය 40 % හා 100 % ක් ගිනි කන ලාභයකි. ඒකක 90 දීද රු 28 කි. තවත් මාසික ගාස්තුවක්ද ගනී. අඩු ආදායම් කතාව බොරුවකි. ලයිට් නිවා, පොල්කටු ඉස්තිරික්ක, වංගෙඩි, මිරිස් ගල් පාවිච්චි කළොත් ඔය කියන අඩුමිල විදුලිය ලබාගන්න පුළුවන්. අද එය හැමෝටම කරන්න අමාරුයි. තවත් වැඩි කරන්න වගෙයි මේ කතාවේ තේරුම...
මුලදී ඔහොම තමයි කවුරුත් කියන්නේ... බලාගන්න පුලුවන් මහ මැතිවරණයෙන් පස්සේ.. අපි නොදන්නවා නෙවෙයිනේ.. දේශපාලුවන්ගේ කෙරුවාවල්. පාඩු සිද්ද වෙන්නේ හොර දූෂිතයන් කරන වැඩහින්දයි..
ඔව් ඔව් මාස තුනකට ... මහා ඡන්දෙ ඉවර වෙනකම් වැඩිකරන්නේ නැහැ ඕකනේ ඔය කියන්නේ.
මේවා මොකටද? මේ අයට කියන්නේ පයින් වඩිනවා කියලයි..
නිසි දැනුමක් නොමැති අයවලුන් ඉහළ මට්ටමේ මේ වගේ ආයතන භාර ගත්තාම නිලධාරීන් හෝ කේවට්ටයින් කියන දේ අහනවා හැර කරන්න දෙයක් නැහැ. මේ වෙලා තියෙන්නෙත් එ්ක තමයි.