(යොහාන් භාසුර)
මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලට ආසියානු සංවර්ධන බැංකුව උපදෙස් දෙන බවත් එම බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අවශ්‍ය තාක්ෂණික සහය, විදුලිබල සමාගම් බවට පරිවර්තනයේදී රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර ක්‍රමවේද අනුගමනය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීම, එම ව්‍යාපෘති හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ ඒකකයක් අමාත්‍යංශය තුළ පිහිටුවා අවශ්‍ය තාක්ෂණික සහය දීම, එම ව්‍යපෘති සහ අනෙකුත් පුනර්ජනනීය ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය සහය දීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවෙන් උපදෙස් ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරකට මිමි 2500- 5000 ක්පමණ වන තෙත් කලාපයේ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් වහල කුඩා ජලාශ බවට පත් කොට, මෙම ජලය පහතට ගලන විට ටර්බයිනයකට මුදාහැර විදුලිය නිපදවීමේ හැකියාවක් තිබෙන්නේදැයි ශෂ්‍යතා අධ්‍යනයක් කිරීම ට විදුලිබල මණ්ඩලය ට යෝජනා කරමි. එසේ වුවහොත් වැසි ජලය එකවර පොලවට මුදාහැරීමක් සිදුනොවන නිසා, ක්ෂණිකව ජලයෙන් යටවන අවධානමද අඩුවේ.