IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘විදුලිය නැති වුණාට කමක් නෑ වගාව බේරා ගමු‘‘

(සනත් ගමගේ )

පැය දෙකක් හෝ තුනක් හම්බන්තොටට විදුලිය කපා, ජලය නැතිව විනාශයට ලක්වන කුඹුරු වගාව බේරා ගැනීමට සමනල වැවේ ජලාශයෙන් ඉක්මනින් ජලය ලබා දීමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවි සංවිධාන ඒකාබද්ධව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා  දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීය.

වලව මහවැලි කලාපයට අයත් මුරවැසිහෙන සහ මයුරපුර කලාපවල දැනට වගා කර ඇති හෙක්ටයාර 9000 පමණ ප්‍රමාණයෙන් සියයට 70 පමණ වී වගාව ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතින බව වලව මහවැලි කලාපයේ ජල පාලන අංශයේ නිලධාරීවරිය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සඳහන් කළාය.

වී වගාව හානි වීමෙන් පසුව ගොවීන්ට වන්දි මුදල් ලබා දීමක් සිදු කරනවාට වඩා සමනලවැව ජලාශයේ  ජලය උඩවලවට ලබාදීම තුළින් හම්බන්තොට දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ විනාශයට පත් වෙමින් පවතින මෙම කුඹුරු ආරක්ෂා කර ගැනීමෙන්ජාතික නිෂ්පාදනයට දායකත්වයක් ලබාදීමට හැකිවන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

ඒ අනුව මෙම ගොවි සංවිධානය එකාබද්ධ ව ඉදිරිපත් කළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්  සුමනසේකර මහතා මෙහිදී සඳහන් කළේය.

 



අදහස් (4)

‘‘විදුලිය නැති වුණාට කමක් නෑ වගාව බේරා ගමු‘‘

Rata Perata Friday, 04 August 2023 11:57 AM

මේ ඔක්කොම සෙල්ලම් එක කාලකණ්ණියෙක්ගේ කම්පැණියෙන් විදුලිය වැඩිමිලට අරගෙන අපේ බදුසල්ලි වලට දෙන්න තමයි.

:       1       22

පැරකුම් Friday, 04 August 2023 12:02 PM

නිසිකලට ජලාශ නඩත්තු නොකිරීමේ විපාක විඳින්නේ පොදු ජනතාවයි... බලධාරින් සැප කාමරවල සුවසේ සිටිති...!

:       1       19

Bamunuarachchi Saturday, 05 August 2023 02:37 AM

පැරකුම්ට ඔවා මතක්උනේ පෑවිල්ල නිසාද?

:       0       0

Nimal Friday, 04 August 2023 12:23 PM

තව මොන කතාද? මමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ... අපිට පැය තුන හතරක් විදුලිය කැපුණත් කමක් නැහැ. පවතින වගාව බේරා ගැනීමට ජලය ලබාදෙන්න. මෙය පුන පුනා කිවයුතු දෙයක් නොවේ. දුර්දාන්ත රජයකට මෙය නොතේරෙන එකයි අරුමය.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site