යොහාන් භාසුර
නියඟය හේතුවෙන් ජලවිදුලි ජනනය පහත බැසීම නිසා තාප විදුලි නිෂ්පාදනයට දිනකට රුපියල් කෝටි 80 ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සාමාන්‍ය වර්ෂාපතනයක් පවතින කාලයේ දිනකදී තාප විදුලිය සඳහා රුපියල් කෝටි 80 ක් පමණ වැය වන බවත් මේ දිනවල එම වියදම දෙගුණයකිනන් වැඩි වී ඇති බවත් එම නිලධාරියා කීය.
ජලාශවල ජල මට්ටම සීග්‍රලෙස අඩුවීම හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් පමණ දක්වා පහළ ගොස් ඇති අතර මේ සමස්ත විදුලි සැපයුමෙන් සියයට 85 ක් තාප විදුලියෙන් ලබාගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.
බලාගාර ආශ්‍රීත ජලාශවල ජල ධාරිතාව සියයට 20 ක් පමණ දක්වා පහළ ගොස් ඇති බවත්, රන්දෙණිගල ජලාශයේ ධාරිතාව සියයට 8 ක් දක්වාද වික්ටෝරියා ජලාශයේ ධාරිතාව සියයට 27 ක් දක්වා සහ සමනල වැව ජලාශයේ ධාරිතාව සියයට 1.9 දක්වා ද පහළ ගොස් ඇති බවත් ඔහු කීවේය.
මේ අනුව මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 85 ක් ගල්අඟුරු සහ තාප බලාගාරවලින් සපුරා ගන්නා බවද එම නිලධාරියා සඳහන් කළේය.
ඒ හේතුවෙන් විදුලිබල මණ්‍ඩලයට අමතර විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද ඔහු පැවැසීය.
මේ අතර සමනල වැව සිඳීයාම නිසා මෙගාවොට් 100 ක ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයට මේ වන විට මිල ගණන් කැඳවා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලිය දෙන්න දිනකට වැඩිපුර කෝටි 80 ක්
Dayan Tuesday, 22 August 2023 06:57 AM
කමිෂන් % ?
sriyal Tuesday, 22 August 2023 12:45 PM
සුළඟ හා හිරු එළිය හාවිතා වුණා නම් එහෙම නැතුව ඉන්න තිබ්බා. විදුලිබල මණ්‌ඩලය හා දේශපාලන කොමිස් නැතිවෙන නිසා මෙම තීරණ ගන්නේ නෑ...
kavidhu Tuesday, 22 August 2023 01:54 PM
තවතවත් තාප බලාගාර ඉදි කරන්න. ඩීසල් බලාගාර ඉදිකරන්න. සූර්ය බලාගාරවලින් ඒ තරම් මුදලක් හොයන්න බැහැ ඔයාලාට...