(රංජන් කස්තුරි)

මේ මස 01 වැනි දින සිට සංචාරක කලාපවල විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දිනපතා විදුලිය කපා හරින බව එහි ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ගාල්ල කොටුව ප්‍රදේශයට ඉකුත් දින කීපයේදීම සාමාන්‍ය පරිදි දහවල් සහ රාත්‍රී කාලයේදී විදුලිය කපා හැරි බව ද එම නිසා ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් බලවත් අසරණතාවයකට පත් වූ බව ද ඔවුහු කියති.