(අංජුල මහික වීරරත්න)
විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස්පතා ගැසට් ගහනවාට වැඩිය හොඳ නැද්ද මේවා සදාකාලික ලෙස අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරන එක? මොකද කාලෙකට අනවශ්‍ය සේවා වෙලා තවත් කාලෙකට අත්‍යවශ්‍ය සේවා වෙන්නේ කොහොමද?
විදුලිය, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි. එතකොට අත්‍යාවශ්‍ය සේවා ද විකුණන්නේ...?
අත්‍යාවශ්‍ය නොවන සේවා කියලා කොටසකුත් තියෙනවාද? නිකම් විහිලු නොකර යන්න පිනෝ යන්න...
ඉස්සර එව්ව අනවශ්‍ය එව්වා වෙන්න ඇති...!