(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය
පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ 24000ක් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වලදී සේවකයන් අඩු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.
සමහර සේවාවන්ට පිටතින් සේවකයන් බඳවා ගන්නා හෙයින් මණ්ඩලයට විශාල බරක් පැටවෙන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර විදුලිය ප්‍රශ්න වලට එන ලංවිම හෝ කොන්ත්‍රාත් සේවකයෝ ජරාව නැතිව මොකුත්ම කරන්නේ නෑ. අනික ලංකා විදුලි පුද්ගලික සමාගමේ කාර්මිකයෙක් ඩිජිටල් මීටරය අඩි පහකට අඩු හෝ වැඩි උසකින් සවිකිරීම ප්‍රතික්ෂේප කරා. අවසාන ප්‍රතිඵලය මට තාප්ප කඩල ගේට්ටු හදන්නත් වුනා. කොන්ද නොනමා මීටරය කියවන්න ඕන කියල ....
අපි සිටින කැලිෆෝනියාවේ ලංවිම වගේ දෙගුණයක් විශාල විදුලිය සහ ගෑස් සපයන කොම්පැනියේ සිටින්නේ සේවකයෝ 13000යි. න්‍යෂ්ටික විදුලි බලාගාර දෙකකුත් තිබෙනවා...!