IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නිසා රට බංකොලොත්වෙලා‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට බංකොලොත් වෙලා තිබෙන්නේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය නිසා යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒ චෝදනාව කරන්නේ ජනතාව බවද විජේසිරි මහතා කීය.

පුළුවන් නම් ඒ චෝදනාවෙන් මිදෙන්නැයි කී අමාත්‍යවරයා රට බංකොලොත් කරන ඇමති විදියට රටේ ජනතාව විදුලිබල ඇමතිවරයා දකින බවද සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු පත්කර තිබෙන්නේ ආණ්ඩුවේ ගැලවීමට බවද එයින් සැබෑ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීවෙි තමා බාර ගත්තේ බංකොලොත් වූ ක්ෂෙත්‍රයක් මිස තමා අමාත්‍යාංශය බාරගත්තට පසු විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය බංකොලොත් වුණා යැයි කීම වැරදි බවයි.

වත්මන් විශේෂඥ කමිටුවට වැඩිය හොඳ කමිටුවක් ගැන අදහසක් තිබෙනවා නම් ඒ ගැන දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා කීය

 



අදහස් (5)

‘‘විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නිසා රට බංකොලොත්වෙලා‘‘

fairoos Tuesday, 18 October 2022 02:22 PM

රට බංකොලොත් කරෙ මෙ කාලකන්නි දේශපාලකයන් ඔබත් ඇතුළු

:       1       4

මැක්ස් Tuesday, 18 October 2022 06:35 PM

විජේසිරි කියන්නේ කොහේ ඉන්න ජනතාවක් ගැන ද? වර්තමානයේ සැලකිය යුතු සහ දැනෙන වැඩක් කරන ඇමතිවරයකු වශයෙන් කාංචන විජේසේකර හැඳින් විය හැක. විශේෂයෙන්ම වුර්තීය සමිති මාෆියාවට යට නොවීමට ගන්න උත්සාහය වෙනුවෙන් ජනතා ප්‍රසාදය ඔහුට හිමිව ඇත. චමින්ද විජේසිරි වැනි පුස් චරිත විසින් කපන බොරු වළවල නොවැටී, නිසි ලෙස අමාත්‍යංශය මෙහෙය වීමට තව දුරටත් හිතට ගන්න.

:       1       0

චන්දන Tuesday, 18 October 2022 07:01 PM

ඇයි පාර්ලිමේන්තුව. ඕකේ ඉන්න ඔක්කොම නිසා රට බංකොලොත් වෙලා තියෙන්නේ .

:       0       1

susantha Tuesday, 18 October 2022 07:19 PM

රට බංකොලොත් වුනේ පල් හොර තක්කඩි දේශපාලුවෝ අවුරුදු ගානක් තිස්සේ කල තක්කඩිකම් නිසා.(හොරා කෑම ,නුසුදුස්සෝ වැදගත් තනතුරු වලට දැමීම )චන්ද බලාගෙන සුදුසු නැති සෙනග අමාත්‍යංශ වල පිරවීම.හැම දෙයක්ම හොරා කෑම මූලික කරගෙන කිරීම සහ තවත් දේවල්

:       0       1

Rasika Tuesday, 18 October 2022 09:55 PM

එතකොට ඔක්කොම කුනු ටික ඒකට දැම්මම හොරා කාපුවයි, මෝඩ තීරන ගනිපු ඒවයි මොනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site