(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරු වාහන තුනක් පමණ පාවිච්චි කරන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බවත් එම වාහන පරිහණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට කටයුතු කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්වය මත රාජ්‍ය වියදම් පිළිබඳ චක්‍රලේඛය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අතිශයෙන් වැඳගත් බව ද කියන විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යංශයේ එකඟතාව නොමැතිව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සෘජුව ලිපි යොමු කිරීම නියමිත ක්‍රමවේදය නොවන්නේ යැයි එම අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරන බව ද සඳහන් කරයි.
කූලී පදනම මත ගෙන ඇති වාහන 1177 ක කූලී ගිවිසුම දීර්ඝ කිරීමට හෝ වෙනත් වාහන කූලී පදනම මත ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන සහ ප්‍රසම්පාදන) එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් එම ලිපිය යොමුකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල ලොක්කෝ වාහන තොග ගණනින් අරගෙන
ravin Thursday, 02 February 2023 01:08 PM
මෙවාට ගෙවන්නෙත් අපෙ විඩුලි බිල වඩිකරලා නේද? දූශනයෙ අවසානය කොතනද?
කමල් Thursday, 02 February 2023 01:12 PM
රජයේ වාහන වල රජ්‍ය මුද්‍රාව තැබීම අනිවාර්‍ය නැති නිසා කොපමණ වාහන ප්‍රමාණයක් ඉස්කෝල ලග මාර්කට් ලග තියෙනවාදැයි අපි දන්නෙ නැහැ.ඉතින් පේන්න තියෙන පොලිස් හමුදා වාහනවලට බනිනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ.
Lalla Thursday, 02 February 2023 01:39 PM
ඉස්සර වගේ වාහනවලට ආයතනයේ නම ලොකු අකුරින් ලියන්න ඕනෑ කියල නීතිය ගේන්න. ලංවිම සහ සිපෙට්කෝ ආයතන දෙකම වාහන අනීතික විදියට භාවිතා කරනවා. නිලධාරීන්ට විතරක් නොවේ. වෘත්තීය සමිති කාරයෝත් ඕවා කනවා...
pakeer Thursday, 02 February 2023 02:26 PM
කාලකණ්නි මූසලයන්ට විදුලි සැර වැදිය යුතුයි.
CC Thursday, 02 February 2023 02:58 PM
නිදහස ලද දා සිට වර්ධනය වෙමින් පවතින දූෂීත සංස්කෘතිය සෑම රාජ්‍ය ආයතනයකම උපරිම අයුරින් පවතී මේ නිසා රටට වී ඇති විපත අතිමහත්. දැන්වත් මෙම තත්ත්වය වෙනස් කිරීමට සියළු දෑහිතකාමී ජනයා පෙළ ගැසියයුතු කාලය පැමිණ ඇත. ඒ සඳහා පළමු කොටම රටට් ජනතාවාදී අදූෂිත දේශපාලන බලවේගයකට බලය දිය යුතුවේ.
චන්දන Thursday, 02 February 2023 03:32 PM
තොපේ සැප බිල් ගෙවන්න නේද අපේ ලයිට් බිල වැඩි කරන්නේ .
Thaksalal silva Thursday, 02 February 2023 04:01 PM
දේශපාලුවනි දේශදෝහී නිල මැස්සනි රටේ නීතිය හැට පට්ටම් නිසා දුප්පත් ජනතාවගෙ බදු සල්ලි වලින් තොපිට සැපනෙ
Wijthnga wimalasena Thursday, 02 February 2023 05:43 PM
මුදල් නැති නාස්ති කරන ආයතන.
fairoos Thursday, 02 February 2023 05:14 PM
මෙ කාලකන්නි ආන්ඩුව රට කෑව..තවත් බංකොලොත් කරල පස්ස බලන්නෙ