(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරු වාහන තුනක් පමණ පාවිච්චි කරන්නේ යැයි පැමිණිළි ලැබී ඇති බවත් එම වාහන පරිහණය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට කටයුතු කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්වය මත රාජ්‍ය වියදම් පිළිබඳ චක්‍රලේඛය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අතිශයෙන් වැඳගත් බව ද කියන විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යංශයේ එකඟතාව නොමැතිව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සෘජුව ලිපි යොමු කිරීම නියමිත ක්‍රමවේදය නොවන්නේ යැයි එම අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරන බව ද සඳහන් කරයි.
කූලී පදනම මත ගෙන ඇති වාහන 1177 ක කූලී ගිවිසුම දීර්ඝ කිරීමට හෝ වෙනත් වාහන කූලී පදනම මත ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන සහ ප්‍රසම්පාදන) එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් එම ලිපිය යොමුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවාට ගෙවන්නෙත් අපෙ විඩුලි බිල වඩිකරලා නේද? දූශනයෙ අවසානය කොතනද?
රජයේ වාහන වල රජ්‍ය මුද්‍රාව තැබීම අනිවාර්‍ය නැති නිසා කොපමණ වාහන ප්‍රමාණයක් ඉස්කෝල ලග මාර්කට් ලග තියෙනවාදැයි අපි දන්නෙ නැහැ.ඉතින් පේන්න තියෙන පොලිස් හමුදා වාහනවලට බනිනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ.
ඉස්සර වගේ වාහනවලට ආයතනයේ නම ලොකු අකුරින් ලියන්න ඕනෑ කියල නීතිය ගේන්න. ලංවිම සහ සිපෙට්කෝ ආයතන දෙකම වාහන අනීතික විදියට භාවිතා කරනවා. නිලධාරීන්ට විතරක් නොවේ. වෘත්තීය සමිති කාරයෝත් ඕවා කනවා...
කාලකණ්නි මූසලයන්ට විදුලි සැර වැදිය යුතුයි.
නිදහස ලද දා සිට වර්ධනය වෙමින් පවතින දූෂීත සංස්කෘතිය සෑම රාජ්‍ය ආයතනයකම උපරිම අයුරින් පවතී මේ නිසා රටට වී ඇති විපත අතිමහත්. දැන්වත් මෙම තත්ත්වය වෙනස් කිරීමට සියළු දෑහිතකාමී ජනයා පෙළ ගැසියයුතු කාලය පැමිණ ඇත. ඒ සඳහා පළමු කොටම රටට් ජනතාවාදී අදූෂිත දේශපාලන බලවේගයකට බලය දිය යුතුවේ.
තොපේ සැප බිල් ගෙවන්න නේද අපේ ලයිට් බිල වැඩි කරන්නේ .
දේශපාලුවනි දේශදෝහී නිල මැස්සනි රටේ නීතිය හැට පට්ටම් නිසා දුප්පත් ජනතාවගෙ බදු සල්ලි වලින් තොපිට සැපනෙ
මෙ කාලකන්නි ආන්ඩුව රට කෑව..තවත් බංකොලොත් කරල පස්ස බලන්නෙ