(යොහාන් භාසුර)
විදුලි ගාස්තු මෙම මස සිට ඉහළ දැමීමට අදාලව මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා ඇති තොරතුරු ඉදිරි දින දෙක තුළ යොමු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මේ මස සිට කිරීමට එම මණ්ඩලය කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිසම සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
නියඟය සහ ඇතැම් විදුලිබලාගාර බිඳ වැටීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ තාප විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කිරීම නිසා පිරිවැය ඉහළ යෑමෙන් ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මස සිට කිරීමට යෝජනා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වහිනවා. ජලාශ සේරම පිරිලා ඉතිරිලා යනවා. තව ටික දවසකින් මෙයාලා කියනචා ජලය මදි ,පෞද්ගලික බලාගාර වලින් මිලදී ගන්න ඕන කියලා. එතකොය එයාලගෙ සාක්කු පිරී ඉතිරීයනවා. මහජනයා සියලු බර අදිනවා