IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ

(ඩයනා උදයංගනී)

විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නැතැයි, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වසර 10 කින් පමණ විදුලි බිල වැඩි නොතිබීම සහ ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම සත්‍යයක් වුවත් මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම භාවිතා කරන ලෙස තමන් මහජන උපයෝගිතා කොමිසම හමුවේත් ප්‍රකාශ කළ බව කී පාඨලී චම්පික රණවක මහතා, අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය සමාජයට කරන්නේ සේවයක් බැවින් වැඩි ඉල්ලුමක් ඇති අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන ලෙස තමන් එහිදී යෝජනා කළ බව ද කීවේය.

අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළ 2015 දී විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වාදීමක් සිදුකළ නමුත් එය ක්‍රියාත්මක නොවූ බව කී මන්ත්‍රීවරයා මේ අවස්ථාවේදීත් විධිමත් මිල සූත්‍රයකට යාම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩයිම් හඳුන්වලා දී තිබෙන බව ද පැවසීය.



අදහස් (3)

විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ

sena Wednesday, 10 August 2022 02:05 PM

මේවා පෞද්ගලික අංශයට දීලා දාන්න ඕනේ.. නිලධාරිනුයි... සේවකයොයි හොරා කනවා. අපි වන්දි ගෙවනවා.

:       1       19

යෝගා Wednesday, 10 August 2022 03:40 PM

හිටපු විදුලි බල ඇමති කෙනෙක් ලෙස ඔබත් මේවට වග කියන්න ඕන. ඔබේ කාලේ කිසිම බලාගාරයක් හැදුවෙ නෑ. නමුත් ගල් අඟුරු වලින් හොඳටම ගරපු ඔබේ සභාපතිගෙ නම පැනමා පේපර් වලත් තියනවා.

:       1       13

dharme Wednesday, 10 August 2022 05:13 PM

ලංකාවේ විදුලිබල පද්ධතියේ ගෘහස්ත හා අනිකුත් විදුලිය සැපයීමේදී භාවිතා කරන මීටර් 1000%ක් වැරදියි. ඕන ඔට්ටුවක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site