(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්‍ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්‍ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව එම පරීක්‍ෂණ යන්ත්‍ර කීපයක්ම තිබීම නිසා නව යන්ත්‍රයක් මිලදීගැනීම මුදල් නාස්තියක් බවත් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.
විදුලිබල මණ්ඩලයේ ජනන අංශය යටතේ පවතින වත්කම් කළමනාකරණ ශාඛාවේ ඇති එම උපකරණයෙන් මේ දක්වා එම පරීක්‍ෂණ කළ බවත් නව යන්ත්‍රය මිලදීගැනීමේ කටයුතු කරන නිලධාරීන් අධ්‍යක්‍ෂ මණ්ඩලය නොමඟ යවමින් යන්ත්‍රය මිලදීගැනීමට අනුමැතිය ගෙන ඇති බවත් වෘත්තීය සමිති කියයි.
වත්කම් කළමනාකරණ ශාඛාවේ එම මණ්ඩලය විශාල වියදම දරා පුහුණු කළ ඉංජිනේරුවන් සිටියදී නොරෝච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා ඉතාලියේ පුහුණුවක් සහ කර්මාන්තශාලා පරික්ෂාවක් ඇතුළත් කරන ලෙස ලංසු කැඳවූ ලියවිල්ලේ සඳහන් කර ඇති බවත් සති දෙකක ඉතාලියේ සංචාරයට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරකමින් සිටින බවත් වෘත්තීය සමිති නිලධාරීහූ පවසති.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ එවැනි මිලදීගැනීමක් පිළිබඳව දැනුවත් නොමැති බවත් හැකි ඉක්මණින් සොයා බලා අදහස් දැක්විය හැකි බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට පිස්සු නේ. තියෙන එව්වා ඔහොමම තිබුණා වෙ. අලුත් එකක් ගන්නකොට කොම්ස් මුදලයි, හොරකම් කරන හරියයි සේරම එයාලගෙ සාක්කු වලනෙ. සාමාන්‍ය ජනතාව දත්මිටි කාගෙන විදුලි බිල ගෙවනවනෙ.
හොර ඕටි කෙරිල්ල හින්දා සල්ලි නැති වෙන්නේ නැද්ද? සාප වෙනවා
මම ඉන්නේ ප්‍රංශයේ දැන් අවුරුදු 20කට වැඩියි, මෙහේ විදුලිය එන්නේ Engie කියන ප්‍රංශ රජයට අයිති සමාගමකින් යුරෝපයේ අනෙකුත් රටවලටත් විදුලිබලය දෙනවා අද මම හිටිය අවුරුදු 20ට විදුලිය කැපිලත් නෑ, සමාගම පාඩු ලබලත් නෑ, ලංකාවේ මිනිස්සු ගෙවන ගානට පොඩි ගානයි වැඩියි. Engie වගේ සමාගමකට CEB එක දුන්නා නම් ලාභත් ලබයි, විදුලි එකකයට ගෙවන ගානත් අඩු වෙයි, දැන් මෙහෙත් ගොඩක් දැන් සුර්යය බලය, සුළං බලය පාවිච්චි කරනවා