(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පැවසීය.
එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරතවූ ඉංජිනේරුවන් තව දුරටත් සේවයෙන් ඉවත්වුවහොත් ලංවිම දැඩි අර්බුදතාකාරී තත්වයකට පත්වන බව කී පරාක්‍රමසිංහ මහතා රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.
නිවාඩු ලබා විදේශගතව සිටින ඉංජිනේරුවන්ගේ වැඩි සංඛ්‍යාවක් විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍රය ගැනීම සඳහා ගොස් ඇති බව දැනගන්නට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණෙයි යැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා කීය.
විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුව වගේ කරගන්න ද මේ තටමන්නේ.
මොනතරම් හොදයිද? ඔය මණ්ඩලේ බංකොළොත් හින්දා මැස්සෝ ගානට ඉංජිනේරුවෝ ඉන්නවා කියනවා නේද? අලුතින් එන උපාධිදාරීන්ටත් අවස්තාවක් දෙන්න. ඒගොල්ලෝ අතරෙත් දක්ෂයෝ ඉන්නවා අමාරු සංකීර්ණ රාජකාරීවලට සුදුසු.
වයස අවුරුදු පහේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ අහිංසක ජනතා මුදලින් කියන්න ඕනෑ... එහෙම කළාම ඒ මුදල් වෙනුවෙන් සතයක මුදලක් ගෙවීමට ඔය උගතුන්, බුද්ධිමතුන් කටයුතු කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේට බුදුවීමට සෙවනදුන් බෝධිය සඳහා සතියක් ඇසිපිය නොහෙළා පූජාවක් පවත්වා කළගුණ සැලකීමේ වටිනාකම පෙන්වා දුන්නා. එම හැඟීමක් මේ උතුමන්ට ඇත්තේම නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ තමයි රටේ තනිකරම අයිතිය තියෙන්නේ කියලා... මෙයින් පේන්නේ නම් ලංකාවේ අධ්‍යාපනය නොමිලේ දෙනවා නම්... ඒ වෙනුවෙන් රටට සේවයක් කිරීම අනිවාර්ය කරන්න ඕනෑ කියලා තමයි. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ අවසන් වුණාට පස්සේ අධ්‍යාපනය රජයෙන් ගැනීමට ගිවිසුමක් අනුව පමණක් කටයුතු කරන්න ඕනෑ කියලා තමයි. මේ රට හදන්න කාට හෝ සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් අවම වශයෙන් උසස් පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපන වියදම්වත් රැකියාවක් කරන කාලයක ආපසු අයකරන්න ක්‍රමයක් හදන්නම ඕනෑ..
ලංකාවේ දැනට රස්සාවල් නැතුව ඕනෑතරම් විදුලි ඉංජිනේරුවෝ ඉන්නවා. ආයතන කිහිපයකින් ඉංජිනේරුවෝ අධ්‍යාපනය ලබනවා. SLITT, NSBM, රජයේ විශ්ව විද්‍යාල, පිටරටවල් විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන එන කට්ටිය. තවත් පලපුරුදු සහිත HND NDT HNDE විදුලි ඉංජිනේරුවෝ, තවත් විදුලිබල මන්ඩලේ පලපුරුදු විදුලි අධිකාරිවරු ඉන්නවා. ඉංජිනේරුවෝ හැටියට උසස් කරන්න පුළුවන්. මේගොල්ලෝ බොරුවට කෑ ගහන්නේ දොස්තරලා, මහබැංකු සෙට් එක වගේ ටැක්ස් කවර් කරගන්න පඩි වැඩි කරගන්න. ඇමැතිතුමෝ එිකට ඉඩ දෙන්න එපා. Advertisement දාලා බලන්න... ගොඩක් ඇප්ලයි කරයි. යන කට්ටියට යන්න දෙන්න. බටහිර රටවල, මැද පෙරදිග වෙනදා වගේ කට්ටිය ගන්නේ නැහැ...