(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 - 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම අද (10) භාරදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාර්ගවල පුළුල් කිරීම් හදුනාගැනීම, ඉදිරියේදී ඇතිවන විදුලිබල ඉල්ලුම සැපයීමට අවශ්‍ය කරන පුළුල් කිරීම් හදුනාගැනීම, දීර්ඝකාලීන විදුලිබල උත්පාදන සැළසුම වෙනුවෙන් අවශ්‍ය කරන විදුලිබල සම්බන්ධ කිරීම් පුළුල් කිරීම, පද්ධතිය  ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අළුතින් ඉදිවන විදුලිබල ජාල සම්බන්ධතා මෙන්ම විදුලිබල පද්ධතියට ඇතිවන පීඩාකාරී බලපෑම් නිවාරණය වෙනුවෙන් අපවර්තකයක් ලෙස විචල්‍ය පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සපයාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා කීය.  

එම කාලය තළ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැළසුම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා එම සැළැස්ම ඇමතිවරයාට භාරදුන්නේය.