(සුජිත් හේවාජුලිගේ )
විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු මහතා සඳහන් කළේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.
මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවත් මෙම අතිරේක පිරිවැය පියවාගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය 4500ක් අපේක්ෂා කළ නමුත් ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බවද සාමාන්‍යාධිකාරීවරයා කීය.
මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ගැනීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.
මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනිද්දා සඳුදා ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
විදුලිය නිෂ්පාදනය කිරීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද විදුලි බිල ඉහළ දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව මරන් කන්නද යන්නේ? දැන් තියෙන බිලත් ගෙව්වේ ණයවෙලා.
ඒකටත් අපිද පළි? නුඹලාගේ හොරකම අඩුකරලා, හරියට වැඩ කළා නම් ඔහොම සතියෙන් සතිය වැඩිකරන්න ඕන නෑනේ... මොන මගුලක්ද මේක?
ඇයි කාංචන ඇමැති කලින් සැරේ 400% විදුලි බිල වැඩිකරේ ආපහු වැඩිකරන්නේ නැහැ කියලා නේද? මේ සැරේවත් පාරට බහින්න ලෑස්තිවෙලා ඉඳිමු..!