
(යොහාන් භාසුර)
ජපාන රජයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවැසීය.
ජපානයේ මූල්‍ය සහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් කටයුතු ඇණහිටී ඇති ව්‍යාපෘති පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසිය දෙන තාක්ෂණික සහ මූල්‍ය සහය, අනාගත විදුලිබල උත්පාදන සැලසුම් පිළිබඳව සහ රජයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව ජපන් නියෝජතියන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යාවරයා කීය.
මෙරට ජපාන නියෝජ්‍ය තානාපති, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී, ජපාන තානාපති කාර්යාල නිලධාරින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ මෙ සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට විදේශ රටවලින් සහ ආයතන මගින් ලබදෙන්නා වූ මුදල් ආධාර පිළිබඳ නිසි විගණනයක් සහ කළමනාකරණයක් තිබිය යුතුවේ... සහ කලමනාකරණයක් ඇතිකළ යුතුවේ.