
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව හදිසි විදුලි මිලදීගැනීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය.
පසුගිය මස විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 37 ක් වැය වුවද ඒකකයක් රුපියල් 17 ට විකිණීමෙන් රුපියල් 20 ක පාඩුවක් ඇති වූ අතරම ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ඩොලරයේ අගය ඉහළ යෑම නිසා ලබන මාසය වන විට නිෂ්පාදන වියදම රුපියල් 50 ක් වේ යැයි අනුමාන කරන බවත් ඒ නිසා අනිවාර්යෙන්ම විදුලි ගාස්තු වැඩි කළ යුතු බවත් රත්නායක මහතා සඳහන් කළේය.
ඉන්ධන නොලැබීම නිසා මේ වන විට දිනකට මොගාවොට් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් විදුලි නිපදවීමට නොහැකි වීමට පිළියමක් ලෙස හදිසි මිලදීගැනීමට අවසර දුන් බව කී ජනක රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව ද සඳහන් කළේය.
මෙගාවොට් 100 ක් මාස හයක කාලයක් ඇඹිලිපිටිය ඒඑස් පවර් ආයතනයෙන් මිලදී ගැනීමට අවසර ලබාදී ඇති බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයො, ඔයාලගෙ දත්ත නම් මරු. වතුර ටික හිඳෙනකන් ලොකු ටොක්ස් දීලා, දැන් අන්තිමට කරන්ට් එකත් කපලා, (මාස 3ක් කපන්නෙ නැ කියලා කිව්වා..) හදිසි මිලදී ගැනීම් වලට යන්නේ නැහැ කියලා ඒකත් කරලා.. ඔයාලට ගෙවන සල්ලි නම් අපරාදේ..
ඔයිට හොඳ නැද්ද, අපිට සොලාර් යුනිට් එකක් හයි කරගන්න සහනයක් දුන්නා නම්..?. ඔයාලා දෙන්නේ සහනේ එකපාරයි.. ඒකෙන් කොච්චර ඩීසල් ප්‍රමණයක් වෙනුවෙන් වැයවන මුදල් ඉතුරු වෙනවද කියලා ඔයාලගේ ඔය ඉංජිනේරුවන්ට පෙන්නේ නැතුව ඇති මගේ හිතේ...
කැස්බෑවාට කල්ල මරේ...
විදුලි උත්පාදනය සහ සම්ප්‍රේෂණය පිළිබඳව මොනවා දැනගෙනද මේ කතා කරන්නේ?
විදුලි ඉංජිනේරුවන්ගේ දහසකුත් එකක් වංචා දූෂණ මේ සඳහා උපකාරී වී නොමැතිද?