(සමන් පාලිත නානායක්කාර )
දැව කොටන් පටවන අතර තුර අද (22 ) අධි බලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැඳීමෙන් දැව සංස්ථා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ප්‍රදීපාගාර මාවත දෙවුන්දර පදිංචි එච්. එම්. ඒ. කුමාර නමැති 42 හැවිරිදි බණ්ඩාරවෙල දැව සංස්ථාවේ පරීක්ෂක නිලධාරියෙකි.
ලොරියකට දැව කොටන් පටවන අතරතුර ඊට ඉහළින් තිබූ අධිබලැති විදුලි රැහැනක දැව කොටන් පටවන රථයේ ආධාරකය ගැටී ඇති අතර රථයට ස්පර්ශ වී සිටි නිලධාරියාට එක්වරම විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හල්දුම්මුල්ල දිසා රෝහලේ මේ වන විට තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දැව පරීක්ෂක. කොටන් ගොඩ දාලා තියෙන්නේ අධි බලැති විදුලි රැහැන් යට. මොලේ තිබුනානම් මේවගේ ස්ථානයක දැව කොටන් තියන්නේ නැහැ. නිවන් සුව ලැබේව...!!!
මේ ඡායාරූපයේ හැටියට මෙතන දෙවර්ගයේම විදුලි රැහැන් තියනවා ඒ සාමාන්‍ය විදිය සාමාන්‍යයෙන් අධි වෝල්ටියතා රැහැනක් අදින සම්මත උසක් තියනවා ඒ එක්ක බැලුවම හුඟක් වෙලාවට මේ boom එක වදින්න ඇත්තේ 230v සාමාන්‍ය රැහැනක වෙන්න තියන ඉඩ වැඩියි. අනික අඩුම තරමේ අපේ රටේ තියන අඩුම අධි සැර විභවය වන 11000 වොල්ත රැහැනක් පැටලුනත් ( මේ වගේ එකක ස්පර්ශ වෙන්න ම ඕන නැහැ ) සිදුවෙන හානිය මීට වැඩියි ලෝකේ විදුලි සැර හින්ද මරණ වෙන්නේ මිලියනයකට එකක් විතර. නමුත් අපේ රටේ එක මට මතක හැටියට ඇස් උඩයන අගයක් ඉනුත් දකුණු පළාත මුල් තැනක හිටි. මේවා ඔක්ක්කොම වලක්වගන්න පුළුවන් මරණ ටිකක් සැලකිලිමත් උනානම්