(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම ගොඩගම සුප්‍රසිද්ධ අවන්හලක විදුලි සෝපානයට පාදයක් සිරවී එහි සේවකයකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලික රෝහල පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි (17) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි

මෙම සේවකයා විදුලි සෝපානය භාවිතා කරමින් පහල මාලයේ සිට භාණ්ඩ තොගයක් එහා මෙහා රැගෙන යමින් සිටියදී එක් වරම විදුලි සෝපානයේ ආධාරක කේබලයක් කැඩී යාමෙන් අනතුරක් සිදුව තිබූ අතර ඒ හේතුවෙන් භාණ්ඩ තොගයක් ඉහලට රැගෙන යමින් සිටි මෙම සේවකයාගේ පාදය සිරවි තුවාල සිදුව තිබු බව පැවසේ.