IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි ලොක්කෝ කෝප් ඉදිරියට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ  ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා  කැඳවනු ලැබ සිටිති.

ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

රෝහිත අබේගුණවර්ධන  කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු එම කමිටුව හමුවට කැඳවෙන  පළමු ආයතනය වන්නේ විදුලිබල මණ්ඩලයයි.

ජනතා වතු සංවර්ධන අධිකාරිය ලබන 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබුණත් එය අවලංගු කර ඇත.

මේ අතර දූෂණ වංචා අක්‍රමිකතා තදින්ම පවතින්නේ යැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇති රාජ්‍ය ආයතන  ඉදිරියේ දී ඉහළ ප්‍රමුඛත්වය දක්වා කැඳවා ප්‍රශ්න කිරීමට කෝප් කමිටු නව  සභාපතිවරයා බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම සාමාජික ධුරයට විපක්ෂයේ එකඟත්වයෙන් නව මන්ත්‍රීවරයකු මේ සතියේ දී  පත් කිරීමට  කතානායකවරයා තීරණය කර ඇත.



අදහස් (2)

විදුලි ලොක්කෝ කෝප් ඉදිරියට

Prabha Monday, 18 March 2024 03:52 PM

කෝප් එකට එනකොට දැන් කනකර ගෙදර තියලා එන්න වෙයි.

:       2       6

Hafeel Monday, 18 March 2024 03:53 PM

ඔන්න බලන්න කෝප් කමිටුවේ සභාපති විදුලි බල මණ්ඩලයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න යන්නේ. මේ අවුරුද්දේ ලොකුම විහිළු මේක... මෙහෙම ගියොත් ඉදිරියේදී අධිකරණවලදී විත්තිකරුවන් විනිසුරුවරයාගේ ප්‍රශ්න කරන තත්වයක් උදා වන එක වැඩි ඈතක් නැහැ...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site