
(එම්.සුසිල් පියන්ත)
විදුලි උගුල් අටවා ඌරන් මැරීමට ගිය සගයාට විදුලිය වැදී මැරුණු පසු ඔහුව පාලු ළිදකට පස් දමා වැසූ පුද්ගලයෙක් ඊයේ (6) රෑ කරන්දෙණිය දෙමටගහකන්දේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
කරන්දෙණිය දෙමටගහකන්ද පදේශයේ පදිංචි වලවේ මියගිය වලවි දුරගේ චන්දතිලක නමැති 45 හැවිරිදි අයෙගේ මළ සිරුර මෙසේ පාලු ළිදකට දමා පස්වලින් වසා ඇති බව සැකකරුගෙන් කරන ලද පශ්න කිරීමේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තාගේ බිරිය විසින් සිය සැමියා සවස් කාලයේ සිට අතුරුදහන්වී ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
ලද තොරතුරකට අනුව මේ අතුරුදන් පුද්ගලයා සමග නිතර විදුලිය යොදා ඌරන් මැරීමට යන සැකකරුගෙන කරන ලද පශ්න කිරීමේදී සැකකරු විසින් වල් ඌරන් දඩයම් කිරීම සිදුකරන අවස්ථාවේදී ඔහු ඇද තිබූ විදුලි රැහැනේ පැටලි තමා සමග වල් ඌරන් මැරීමට ගිය සගයා මිය ගොස් සිටි බවත්, පසුව ඔහුගේ මරණය වසන් කිරිම සඳහා දෙමටගහකන්ද, නවදගල ඉඩමක පිහිටි ගරා වැටුණු ළිඳට දමා පස් වලින් වසා දැමු බව සැකකරු අනාවරණය කළ බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි රැහැනේ පැටලී මිතුරා මැරුණු පසු පාලු ළිඳට දලා
ගුණරත්න Friday, 07 March 2025 02:51 PM
මෝඩ යකෙක්, දැන් ඉතින් මිණීමැරුම් චෝදනාවටත් හිරේ යන්න වෙනවා
පැරකුම් Friday, 07 March 2025 05:09 PM
අනවසර විදුලි රැහැන් ඇදීම දැන් බහුලව සිදුවන බව වාර්තා වේ. පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති හඳුන්වා දී දැඩි දඬුවම් දීමට පියවර ගත යුතුයි...!