(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිබල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ජනතාව අඳුරේ තබා රට බිත්තියට හේත්තු කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට විවිධ උත්සාහ දරන බවත් පුනර්ජනනීය බලශක්තිය සඳහා මේ අවස්ථාවේදී පැහැදිලි ස්ථිරසාර තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට පහර දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
විදුලි බිල සියයට 300 කින් වැඩි කිරීමට යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් තමාට ලැබුණු බව පැවසූ අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන නිලධාරීන් අද උත්සාහ දරන්නේ විදුලිබිල සංශෝධනය කර ජනතාව මත බදු පටවා තම අරමුණු ඉටුකර ගැනීමට බවද ප්‍රකාශ කළේය.
ජනතාව මත බර පැටවෙන එවැනි යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට තමා සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපේ ජන බල පක්ෂය පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලිබල මණ්ඩලයේ සෑම නිලධාරියකුගේ වැටුප වාර්ෂිකව සියයට 25 කින් පමණ වැඩිවන බවත් මෙම වැඩිවන වැටුප් ජනතාව මත බර පටවා ගෙවිය යුතු දැයි ප්‍රශ්න කරන බවත් විජේසේකර මහතා පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය තහවුරු කැරෙන බලශක්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඊට අකමැති අයෙකු සිටී නම් විරුද්ධ විය හැකි බවද සඳහන් කළේය.
බලශක්ති පනත් කෙටුම්පත ගෙන ඒමට විරුද්ධ වී සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිබල A සිට Z දක්වා බැලිය යුතු සංවිධානයක්..
ඔය කියන මාෆියාව ගැන කොච්චරනම් කතා කරල ඇද්ද. ඒත් කවුරුත් මොකවත් නොකරන්නෙ ඇයි? කොන්ද පන නැතිකමද නැත්නම් කතා කරන අයත් හවුල් කරුවෝද?
මේ ඇමැතිතුමා විතරයි මේ ගැන කිව්වේ. විදුලිබල මණ්ඩලය කියන්නේ ඇමැති මණ්ඩලයට වඩා හොරකම් කන තැනක්. හොඳින් සොයාබලා කටයුතු කළ යුතුයි. මොවුන් මේ හොරකම්වලට ඇබ්බැහි වෙලා..!
සෑමවිටම අප දේශපාලකයින්ගේ දූෂණ ගැන පමණක් විවේචනය කිරීමට පෙළඹී සිටිමු. එහෙත් ඇතැම්විට ඊටත් වඩා රජයේ මුදල් ගසාකන නිලධාරින් පිරිසක් රාජ්‍ය ආයතන වල සිටිති. බොහෝ විට මොවුන් තම වංචා වසා ගැනීමට දේශපාලකයින් විවේචනය කිරීම සිදුකරන අතර විවිධ වෘත්තීය සමිති අටවාගෙන ආරක්ෂා වී සිටිති. එබැවින් දේශපාලකයා ගැන මෙන්ම මොවුන් විසින් ගනු ලබන දූෂණයන් ගැන සොයාබලන යාන්ත්‍රණයක් තිබිය යුතුයි...
යහපත් පියවරක්...
විදුලි බල මංඩලය මේකටයුත්තට විරුද්ද ඇයි කියන කරුනු මේ පත්තරේම දැම්ම නම් මොකක්ද හරි කවුද වැරදි කියල ජනතාවට දැනගන්න පුලුවන්
අමතක කරන්න එපා පාඨලී චම්පික විදුලිබල මණ්ඩලය ලාබලබන ආයතනයක් තත්ත්වයට පත් කළා. ඒකට හේතුව තමයි එයා ඉංජිනේරුවෙක් වීම. සුදුස්සා සුදුසු තනතුරුවලට පත් කරන තෙක් මේ ප්‍රශ්න විසඳන්න බෑ...
රාජ්‍ය ආයතනයන්හි ඉහළ තනතුරුවල දරන ඇතැම් මාෆියා කාරයින් දූෂිත දේශපාලකයින්ටත් එහාට ගොස් මුදල් සෙවීම හේතුවෙන් අද වනවිට රට වල පල්ලටම යවා ඇති අතර ඔවුන් තවමත් කරමින් සිටින්නේද එම ජඩ ක්‍රියාවන්මය. දවස් 365 පුරාම හිරු එළිය වැටෙන රටේ Sola Power සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බාධා කරන මෙම මාෆියා කාරයින් ගැන තවත් කතා කිරීමේ ඵලක් වේද .?
රාජ්‍ය සේවයට කාලයක පටන් රිංගලා ඉන්න NGO පල්ලි බැලයන්ව ඒ තැන්වල තියාගෙන මේ රට හැදිල්ල බොරු… ජනාධිපතිල 100ක් මාරු කලත් වැඩක් නෑ ngo පර හැත්ත රාජ්‍ය සේව තුල ඉන්නකං මේක ගොඩ ගන්න බෑ..