(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය කපා දැමුණු නිවෙසට දරුවන්ට පාඩම් කිරීම සඳහා අසල නිවෙසකින් විදුලි වයරයක් ඇදීමට යාමේදී විදුලිසර වැදී මිය ගිය බදුල්ලේ පියාට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි. ඔහුට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ඒ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා තියෙනවා. මේක කැත අපහාසාත්මක ප්‍රකාශයක්.
ඒ වගේම මේ රටේ වතු ප්‍රජාවේ පිරිමි හොඳට බීලා ඉන්නේ කියලත් ඔහු කියලා තියෙනවා. මේ රටේ වතු ජනතාව දස ලක්ෂයකට කරපු අපහාසයක් මේක. මුලින්ම ඒ තාත්තට අපහාස කරනවා. ඊට පස්සේ වතුකම්කරුවන්ට අපහාස කරනවා. වහාම මේ විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකට එරෙහිව පියවරක් ගන්න.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි මාධ්‍ය ප්‍රකාශකට දැඩි පියවර ගන්නවා
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 February 2024 11:20 AM
මාත් ඔය කතාව ඇසුවා.කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න බැරි මොකද ඇසුවා.පට්ට ආනාදියෙක්.විපක්ෂ නායක තුමාගේ කතාවට මාත් එකඟයි.ඒ නොහික්මුණු අයට නිසි දඬුවමක් නියම කළ යුතුයි.
Saththaya Thursday, 22 February 2024 12:57 PM
අනාගතයේදී ලංකාවට හොද කලක් උදාවෙයි . හොර සල්ලි අච්චු ගහපු අයටත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ . ගොඩාක් හොදයි .