IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි බලය ආර්ථිකයේ මර්මස්ථානයක්

(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)

විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මෙරට බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කිසිසේත්ම බැහැර නොකරන බවත් රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඒ මහතා කීය. 



අදහස් (9)

විදුලි බලය ආර්ථිකයේ මර්මස්ථානයක්

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:17 PM

හරි කතාව, විදුලිය මත රටේ කර්මාන්තවල අනාගතය පවතින්නේ, ඕවා විදෙස් අයට දීලා මිල ලාභය මත කරනකොට රටේ කර්මාන්ත හාන්සි, කළයුත්තේ දේශපාලන අධිකාරියට තීරණ ගැනීමට ඉඩ නොතබා නිවැරැදි කලමණාකරණය කිරීමයි...

:       7       17

ANURA ROME Thursday, 09 May 2024 03:19 PM

මෙයා කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ. තව ට්‍රාන්ස් ෆෝමර් පුච්චමුද?

:       27       17

dumindaThursday, 09 May 2024 03:36 PM

ඒක තමයි අපි අදානිට වැඩිපුර ගෙවලා ලයිට් ගම්මු. විදුලියට වැඩිපුර ගෙවලා හොරා කාපුවා ගෙවමු. ඒක සැපයි.

:       6       8

සේනක Thursday, 09 May 2024 04:32 PM

Open Infrastructure Map කියලා එකක් තියෙනවා. බලන්න ලෝකේ රටවල් වලින් 95%ක්ම විදුලි කේබල් පද්ධතියෙන් සම්බන්ධයි. විදුලි ඉංජිනේරුවෝ මේක දන්නවා. ඉන්දියාවේ ලයින් එක නේපාලය, භූතානය බංගලාදේශය එක්ක සම්බන්ධයි. මුළු යුරෝපයම එකට සම්බන්ධයි. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව සම්බන්ධයි. ඇමරිකාව ලතින් ඇමරිකානු රටවල් එක්ක සම්බන්ධයි. අපි මෙහෙම තනිවෙලා ඉන්න එකේ අවාසිය තමයි කවදාවත් අපිට න්‍යෂ්ඨික බලාගාරයකට යන්න බැරි එක. ඒකේ ධාරිතාව වැඩි නිසා අනිවාර්යෙන් පිටට දෙන්න ඕනෑ. රට ඇතුළේ නැතුව ඈත මුහුදේ න්‍යෂ්ඨික බලාගාර හදන්න පුළුවන්. මේ ගල්අඟුරු වැඩේ සෑහෙන්න පාඩුයි. න්‍යෂ්ඨික බලයට යන්න පුළුවන් නම් මේ දැන් තියෙන විදුලි බිල 75%ක් අඩුකරගන්න පුළුවන්. කවුරුවත් ස්විච් ඕෆ් කරන්නේ නෑ. මොන විකාර කතාද? දැනටමත් ඉන්ටර්නෙට් කේබල් එකක් අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ... ඇයි ඒක ගැන කතා කරන්නේ නැත්තේ? ඊට පස්සේ හයිවේ පද්ධතිය මුළු ලෝකෙම හයිවේ වලින් සම්බන්ධයි. අපිත් එතැනට යන්න ඕනෑ. මේ විදියට ගියොත් ගල් යුගේට තමයි යන්න වෙන්නේ...!

:       5       11

අරවින්ද මොනරවිල Friday, 10 May 2024 08:28 AM

සේනක ලෝකය වටේම ඇවිදලා බලල තියෙන්නෙ කේබල් කනෙක්ට් කරලා තියෙන විදිහ වෙන්න ඇති. ඔය කියන විදිහට සියලුම රටවල් වල පද්ධති ජාල ගත කෙරුවොත් එක විදුලි බලාගාරයක බිද වැටිමෙන් මුලු පද්ධතියම බිද වැටීමේ අවදානමක් තියෙනවා හරියට ලංකාවේ උනා වගේ, ඒක නිසා කිසිම සාධකයක් නැතිව සේනක කියන කතා පිලි ගන්න බැහැ. අනික ලෝකයේ අනිත් රටවල් කෙරුව පලියට අපිද එසේ කරන්න අවශ්‍ය නැහැ. අපිට අපේ බලශක්ති ස්වාධීනත්වය තියෙන්න ඕනා. විශේෂයෙන්ම ඉංදියාව ලෝක බලවතෙක් වෙන්න උත්සාහ දරණ නිසාත් ඔවුන්ගේ ආධිපත්‍යයට අපිව නතු කරගන්න ක්‍රමෝපායන් සැලසුම් කරන නිසාත් අපගේ ආරක්ෂාවට අපි ස්වාධීන බලශක්ති ප්‍රබවයන් නඩත්තු කල යුතුයි.

:       2       4

තුසිර ඉන්දික Thursday, 09 May 2024 05:35 PM

විදුලි බලය ආර්ථිකයේ ර්මමස්ථානයක් නම් ඇය මේ අයගේ රොත්ත ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බේ. ලයිට් කණු කඩලා දැම්මේ. හිතා මතා ආර්ථිකය වනසන්න. ඒ වගේ දේශද්‍රෝහී ආර්ථික ඝාතකයින්ව මාධ්‍ය ඉස්සරහට ගේන්නවත් සදාචාර අයිතියක් නැහැ. මොවුන් පැහැදිලිවම ත්‍රස්තවාදීන්. මෙයාලාගෙන් ඒ කාලේ වෙච්චි ආර්ථික හානියට වන්දි ලබාගත යුතුයි...

:       8       8

අරවින්ද මොනරවිල Friday, 10 May 2024 11:04 AM

ඔයාට මතක ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ එකයි ලයිට් කණු කැඩුව එකයි විතරද ? 80 යාපනයේ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බ එක, 83 ජූලි කලබළ ඇති කරලා එ.ජ.ප. මැරයෝ රටම ගිනි තිබ්බ හැටි මතක නැද්ද ? මිනිස්සු පන පිටින් පුච්වලා, කඩ සාප්පු, ගෙවල් දොරවල් මංකොල්ල කාලා ගිනි තිබ්බ හැටි මතක නැද්ද ? එහෙම කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක උන පක්ෂ තහනම් කරලා එම පක්ෂ වල නායකයන්ව අත් අඩංගුවට ගන්න හා ගාතනය කරන්න සැලසුම් කල බවට මතක නැද්ද, රට පූරා වධකාගාර පවත්වාගෙන යමින් පුද්ගලයන් අත් අඩංගුවට ගන්න, වද දෙන්න හා ගාතනය කරන්න මිනීමරු කල්ලි රට පූරා ක්‍රියාත්මක උනා කියලා මතක නැද්ද, එහෙව් පාලනයකට විරුද්ධව මිනිසුන් අවි ආයුධ අතට අරගෙන තම ජීවිත ආරක්ෂාව සදහා සටන් කරන විට සමහර දේවල් සිද්ධ උනා කියලා ඔයාට නොතේරෙන්නේ ඔයාගේ වහල් භාවය නිසා වෙන්න ඇති.

:       1       1

සෙනෙවිරත්න Friday, 10 May 2024 06:38 AM

තුසිත ඉන්දික, ඒ කාලෙ රටේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදය ගැන රනිල්ගෙන් අහගන්න, නැත්නම් සජිත් ගෙන් අහගන්න, රටේ පක්ෂ තහනම් කරල මැතිවරණ කල් දාල තමුුන්ගෙ උන්ට විතරයි ඉඩම් රැකියා, ඕවට එරෙහිව තරුණයො කැරලි ගැහුව, කැරලි වලදි ජීවිත දේපල හානි වෙනව, ඕව කියව කියව මේ මහජන චන්දෙන් ආපු උන්ට රටේ අනාගතය විනාශ කරන්න ඉඩදෙනවද? ඔබගෙ දරුවන්ට යන තැනක් තියෙනවද? ඔබ රජයේ අනුග්‍රහයෙන් ජාවාරම් කරනවා නම් දේවල් කල හැකි වනු ඇත. බහුතරයකට එසේ නොහැකිය. විදුලි බිල පවා ගෙවිය නොහැක.

:       0       3

සෙනෙවිරත්න Friday, 10 May 2024 06:47 AM

තුසිත ඉන්දික, ඒ කාලෙ රටේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදය ගැන රනිල්ගෙන් අහගන්න, නැත්නම් සජිත් ගෙන් අහගන්න, රටේ පක්ෂ තහනම් කරල මැතිවරණ කල් දාල තමුුන්ගෙ උන්ට විතරයි ඉඩම් රැකියා, ඕවට එරෙහිව තරුණයො කැරලි ගැහුව, කැරලි වලදි ජීවිත දේපල හානි වෙනව, ඕව කියව කියව මේ මහජන චන්දෙන් ආපු උන්ට රටේ අනාගතය විනාශ කරන්න ඉඩදෙනවද? ඔබගෙ දරුවන්ට යන තැනක් තියෙනවද? ඔබ රජයේ අඅනුග්‍රහයෙන් ජාවාරම් කරනවා නම් දේවල් කල හැකි වනු ඇත. බහුතරයකට එසේ නොහැකිය. විදුලි බිල පවා ගෙවිය නොහැක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site