
(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩලය තවත් මාස හයක් යනතුරු විදුලිය ගාස්තු අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතැත් පවතින තත්ත්වය හා සියලු සාධක සැලකිල්ලට ගත හොත් විදුලිය ගාස්තු සියයට 11 ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වීඇත.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ගාස්තු අඩුකළ නොහැකි බවට වන යෝජනාවට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු සියට 11 ත් 23 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට වන ප්‍රතියෝජනාවක් අද (17 ) මහජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.
ඒ අනුව විචාරකයන් පවසන්නේ විදුලි ගාස්තුව සම්බන්ධයෙන් වගකිවයුතු ඉහළම ආයතන දෙක වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රීලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතරේ මත ගැටුමක් නි ර් මාණය වී තිබෙන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව පීඩනයකට පත්වෙලා ඉන්න වෙලාවේ අපි බලමු රජය ගන්නේ කොයි පැත්තේද කියලා...!
ආයෙත් මේසෙට ගහන නාටකයක් එන්නයි වගේ හදන්නේ. කෝකටත් කුප්පි ලාම්පු ටිකක් ලෑස්ති කර ගත්තොත් නම් හොඳයි.
මහජන උපයෝගිතා කොමිසමත් ආණ්ඩුවත් එකතු වෙලා තීරණය කරන්න පුළුවන්නේ ඕක.