
(කවීෂා ගරුසිංහ)
විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි.
විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ආණ්ඩුවේ බියගුළු අත්සහය පරදවමු, ජනතාවගේ ඡන්ද අයිතියට අත නොතබමු යැයි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයෝ තංගල්ල නගරයේ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවයට 1200කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රීක් සංවිධායක සුරංග සංජීව, ජාතික ජනබල වේගයේ හම්බනතොට දිස්ත්‍රීක් විධායක සභික රුවන් ප්‍රභා සෙනරත් ඇතුළු පිරිසක් සහභාගිවුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ජන බලවේගයට ජයවේවා !!!
මේ ජෙප්පන්ගේ වැඩ. ඔය උද්ඝෝෂණ කරන කවුරුවත් ජෙප්පන්ගෙන් අහන්නේ නැහැ... ඔබලා බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද කියලා.... ජෙප්පෝත් ඒ පොරොන්දුව දෙන්නේ නැහැ. ජෙප්පන්ටත් ඒක කරන්න බැහැ. පාරේ කෑගහලා ගෙදර යන්න.
මේ ගොල්ලන්ම තමයි ගෝඨාව ජනාධිපති කළේත්... දැන් විදුලිබිලට විරෝධය දක්වන්නද එළියට බැහැලා... රට කෑවා මේ ගොල්ලන් තවත් ඉවරයක් නැහැ.
මේ මිනිස්සුම තමයි 2005 වසරේ මයිනා ජනාධිපති කරන්න වෙහෙසුනේ. දැන් වැරදුණාම පාට මාරුකර උද්ඝෝෂණ කරනවා.