(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා විදුලිබල( සංශෝධන) පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී අද සිය සහතිකය සටහන් කළ අතර කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය (09) වැනිදා වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.
යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම මෙම පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.
ඒ අනුව යම් තැනැත්තකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා විදුලිබලය උත්පාදනය කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම මෙන්ම උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීමද සිදු කෙරෙනු ඇත.
කතානායකවරයා සහතිකය සටහන් කිරීමත් සමග ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක්වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘‘විදුලි බල සංශෝධන පනත බලාත්මකයි‘‘