IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි බිල සියයට 21.9කින් අඩුකරයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (4) පස්වරුවේ පැවසීය.

එම විදුලි ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා කීය.  

එම ගාස්තු සංශෝධනයේදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ආගමික ස්ථානවල ගාස්තුව සියයට 33 කින්, හෝටල් සහ කර්මාන්ත අංශවල ගාස්තුව සියයට 18 කින්, පොදු කාර්ය කාණ්ඩයේ ගාස්තුව සියයට 23 කින්, රාජ්‍ය අංශයේ ගාස්තුව සියයට 22 කින් සහ වීථි ලාම්පු ගාස්තුව සියයට 20 කින් අඩු කළ බව ද ඒ මහතා කීය.

එහිදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා ද, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 360 සිට 300 දක්වා අඩු කර ඒකක මිල රුපියල් 30 සිට රුපියල් 20 දක්වා ද, අඩු කළ බවත් ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට 400 දක්වා අඩු කර එහි පළමු ඒකක 60 දක්වා ඒකක මිල රුපියල් 38 සිට රුපියල් 25 දක්වා ද, ඒකක 60 සිට 90 දක්වා ඒකක මිල රුපියල් 41 සිට රුපියල් 30 දක්වා ද, අඩු කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විදුලි ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,770 සිට 1,500 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 2,360 සිට 2,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 89 සිට රුපියල් 75 දක්වා ද, අඩු කළ බව ද ඒ මහතා කීය.  

වහල මත සවිකල සුර්ය බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි බලාගාර හිමියන්ට කළ යුතු ගෙවීම් සහ හිග පොලී මෙම මස 31 වැනිදාට පෙර ගෙවන ලෙස ද කොන්දේසීයක් විදුලිබල මණ්ඩලයට පැනවූ බවත් 2030 වසර වන විට ඉලක්කගත පුනර්ජනනීය විදුලි ජනනය ළගාකර ගැනීම සදහා සැළසුම් සකස් කර ජුනි මස 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිමට තවත් කොන්දේසියක් ද පැනවූ බවත් ඒ මහතා කීය.

ඉහත කොන්දේසී ඇතුළු කොන්දේසි  13 ක් මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීමට සමගාමීව ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාවට නැංවිය යුතු බව ද මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා සහ වියදම් දත්ත ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතිපාදනවලට අනුකූලව අධ්‍යනය සහ සමාලෝචනය කර අවසන් තීරණයට එළඹි බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සියයට 3.34 කින් සහ පසුව පෙබරවාරි මස 22 වැනි දින ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත යෝජනාවකින් සියයට 14 කින් ගාස්තු අඩුකිරීමට යෝජනා කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබු වියදම් දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ සමාලෝචන හා මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා ද සැළකිල්ලට ගෙන සියයට 21.9 කින් සමස්ත විදුලි ගාස්තු අඩුකිරීමට කොමිෂන් සභාව කළ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

විදුලි බිල සියයට 21.9කින් අඩුකරයි

ravin Monday, 04 March 2024 06:32 PM

අදවත් හරියට ගණනයන් ඉදිරිපත් කළාද? ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යයක දැක්කා සමහර නිලධාරීන්ට සුඛෝපභෝගී මහල් නිවාස 35ක් පමණ තිබෙනවා කියා? උපැයූ ආකාරය... ගිය වසරේ ලාභය රුපියල් බිලියන 16කට වැඩියිලු නේද?

:       0       0

Rohana Monday, 04 March 2024 09:57 PM

පසුගිය අවුරුද්දේ විදුලිබිල සියයට 100 කට වැඩියෙන් වැඩිකළ පසු නැවත එයම සියයට 21 න් අඩුකළද සමස්ථයේ ඇත්තේ තවමත් වැඩිකිරීමයි.

:       0       0

මල් මාමා Tuesday, 05 March 2024 05:44 PM

අහෝ කාංචන නොදුටු මොක්පුර. අප්පොච්චි විඳවනවා පේන්නේ නැතෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site