(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ හිටපු අමාත්‍යවරයකුගේ විජේරාම පාරේ පිහිටි නිවසේ විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු රාජකාරිය බාධා කළේ යැයි එම සේවකයන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
එම සේවකයන් දෙදෙනාට තර්ජනය කර ගේට්ටුවෙන් එළියට තල්ලු කළ බව කුරුදුවත්ත පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි දානකොට නමක් දැම්මේ නැද්ද?
එහෙම කලානම් කණුවෙන් විදුලිය විසංධිකිරීමට කටයුතු කරන්න බැරිද .ඔහොම කියලා බැහැ .පොඩි එකාට කරන ආකාරයට කරන්න ඕන. නැත්නම් අධිකරණය හරහා ගාස්තු අයකරන්න ක්‍රමයක් හදන්න ඕන .මේක දේශපාලුවො සදහා පමණක් නොවෙයි. මණ්ඩලයේ අයත් ගෙවනවාද බලන්න ඕන මට හිතෙනවා. ඔවුනුත් නොගෙවන නිසාද මණ්ඩලය මෙතරම් පාඩුවක් ලබන්නේ. කියලා මහජන උපයෝගිතා කොමිසම මේවා බලන්නෙ නැද්ද
ඉතින් පොලිස් ආරක්ෂාවක් එක්ක ගිහිල්ලා විදුලිය විසන්දි කරන්න පුළුවන්නේ
අනේ මේ විදුලි සේවකයන්ගෙ ඇඟේ මනුස්සකමක් ගෑවිලාවත් නැද්ද? අසරණ මිනිස්සුන්ට මෙහෙමෙ කරන්නෙ.
සාමාන්‍ය මිනිහෙක් මේ වැඩේ කළානම් ත්‍රස්තවාදී පනත යටතේ අත් අඩංගුවට අරගෙන. පිස්සු ලංකාවක්. මේ කාළකන්නි දේශපාලුවෝ එලවන්ට ඕනි කියන්නේ මේන්න මේ දේවල් හින්දා තමයි.
මේ පුපුද්ගලයාගේ හැසිරීම මියගිය ඔහුගේ පියාටත් අගෞරවයක්