(මනෝප්‍රිය ගුණසේකර)
විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතත් විදුලි බිල යළිත් වරක් වැඩි කරන දිනය පිළිබඳ තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ
විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය (02) වැනිදා රැස්වු කැබිනම් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එහි අනෙකුත් කරුණු අතර විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමටද යෝජනා කෙරිණී
එම යෝජනාව සම්බන්ධයෙන් අද රැස්වු කැබිනට් මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ අනුමැතිය දී ඇති බවද අනුමත කළ කැබිනට් යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කොට එහි අනුමැතිය ලැබීමෙනන් අනතුරුව ඉදිරි පියවර ගැනීමටද තීරණය කෙරුණු බවද වාර්තාවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කැබි නට් එකට ඇමතිවරයා ඉල්ලීම ඉදිරිපත් කලාම සියලු දෙනාම සහභාගි වෙනවාද එහෙම නැත්නම් දෙතුන් දෙනෙක් සහභාගී වෙලා සාකච්ඡා කර සාමූහිකත්වය රැකීමට අනෙක් අය අත්සන් කරනවාද කියලා බලවත් සැකයක් ඇතිවෙනවා මොකද ඔය මිනිස්සු අතරේ රටේ තත්වය තේරුම් හැකි අයත් ටික දෙනෙක් හෝ ඉන්න පුළුවන් නිසා එහෙම අහන්නෙ ප්‍රශාද දීමනා නැත්නම් බෝනස් ගෙවීමට ශක්තිමත් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට ගාස්තු වැඩිකරන්න ඉල්ලන්නේ නැහැනේ (විවිදුලිබල මණ්ඩලය ඇමතිට,අමාත්‍යාංශ ලේකම්ට ආදී ඉහළම අයටත් යම් ලෙසකින් ගෙවීම් කරනවා ඇති එනිසා මෙයිනුත් ඔවුන්ට වාසියක් නැහැ කියන්නෙ කොහොමද සාමාන්‍යයෙන් අලුත්ම විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කරද්දී අදාල කොටසේ ප්‍රාදේශීය ලේකම්ට මාසිකව දීමනා දෙනවා කියලා දන්නවා )
මෙ අවිනිශ්චිත තත්වය හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්වී ඇත.