(යොහාන් භාසුර)
විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවත් රත්නායක මහතා කීය.
විදුලිබල මණ්ඩලයට වර්තමාන විශාල පාඩුව දරාගැනීමට හැකියාවක් නොමැති බවත් ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
විදුලි ඒකක 30 ත් 60 ත් අතර පාවිච්චි කරන අඩුආදායම් ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකර ඒ සඳහා රජයෙන් සහනාධාර ලබාගනිමින් සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව රත්නායක මහතා කීය.
ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් රුපියල අවලංගු කොට ඩොලර් වලින්ම ගනුදෙනු කරන්න සලස්වන්න...
එහෙනම් මොකද ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීමට බලංගුයි කියලා රුපියල් කොළවල ගහලා තියෙන්නේ...?
බඩු ගෙවන්නේ ඩොලර්වලින් ලැබුණු ආදායම රුපියල් වලට මාරු කළාට පස්සේනේ? ඒ කියන්නේ.., මේ කියන්නේ ආදායම ගණනය කිරීමට පෙර විදේශයකදී කළ වියදමක්... විදිහට ගෙවන්න කියලද?
මෙපමණ කල් ගෙව්වෙත් ඩොලර්වලින්ද? අනුවණ යෝජනා...
එදා විදුලිබල මණ්ඩලය යනු කොහොමට තිබුණු තැනක්ද? වංචාව, දූෂණය හමුවේ සියළුම දේ විනාශ කළා.. අදටත් පාඩුයි කියනවා මිස පාඩු වෙන්නේ ඇයි කියලා මොවුන්ට කියාගන්න බැහැ. හේතුව දුෂණය නිසා නාස්තිය නිසා තිබෙන පාඩුව කියලා එකෙක් වත් කියන්න එන්නේ නැහැ. පාඩු නොවී තියේද ඕකෙ කරන නාස්තිය දුෂණයට...!
මම නම් ආර්ථික විද්‍යාව උසස්පෙළට වත් කරලා නැහැ .ඒත් මම මුලින්ම කිවුවේ ඕක තමයි.රුපියල් අයින් කරලා මුදල් ආදේශනයකට යමු කියලා
ඕක හරි සුළු වැඩක් නේ.. බියගම මුද්‍රණාලයේ මුද්‍රණය කරල ඩොලර් 100 නෝට්ටු මිලියනක් විතර එළියට දාන්න කෝ. ඇමරිකාව මුකුත් කියන එකක් නැහැ .
මොනව කරන්නත් කලියෙන් CEB ඇප් එක සක්‍රිය කරන්න. එකට ලොග් වෙන්න බෑ. නෙට්වර්ක් ෆේලියර් කියල වැටෙනව හැමදාම.
මේ ගිරා පෝතකයා... මොලේ උඩ වාඩි වෙලාද? රටට ඇවිත් තිබෙන ඩොලර්වලින් බිල් ගෙවන්න රටට ඩොලර් උනනවද? බොරුවට පඩි කනවා වගේ...
රටේ මෙතරම් ප්‍රශ්නවලට හිතාමතා ඇද දැමූ පාලකයින් තවමත් බලයේ ඉන්න තුරු මිනිසුන්ගේ විශ්වාසය බිඳීයනවා. ඩොලර් කොපමණ එව්වත් ඒවාට අච්චු ගහන රුපියල්වලට යටවෙනවා. ඩොලර් හොරපාරේ වෙන රටවලට ගියානේ... තව මොනවද ඉතින් කොපමණ ඩොලර් ආවත්?.. හොඳ පාලනයක් ආවාම අපි ඩොලර් ලංකාවට එවනවා. අපේ කියන හැඟීම් ඇතිකරන නායකත්වය අවශ්‍යයි.
මොලය අධෝ මාර්ගයෙන් පිටතට පැමිණීමට ආසන්නයි වගේ... මෙයාගේ යෝජනාවෙන් විදේශ විනිමය උපයන ආයතන සහ කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු දසදහස් ගණනක් සේවකයන්ගේ රැකියා නැතිකරන්න ද යන්නේ? මෙම ආයතන සහ කර්මාන්ත ශාලා ලංකාවෙන් ඉවත් වී වෙනත් රටවල් කරා ගෙනයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකියි. එසේ වෙතොත් එහි සේවකයින්ට අයත් වන ඉරණම කුමක්දැයි රත්නායකට නොවැටහෙන වගයි.