(සුජිත් හේවාජුලිගේ )
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ලබන සතියේ ආරම්භ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් එම කොමිෂන් සභාවට දැනටමත් බාර දෙනු ලැබ ඇත.
කොමිසමේ ප්‍රතිපාදන වලට යටත්ව විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
විදුලි බිල ලබන මාසයේ සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජල විදුලි නිෂ්පාදනය වැඩිවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය යම් ලාභයක් ලබාගෙන ඇති හෙයින් ජනතාවට කිසියම් සහනයක් ලබා දිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස සියයට 18 කින් වැඩි කෙරුණු විදුලි බිල නැවත එම වැඩි වූ ප්‍රතිශතය සියයට 100 කින් ඉවත්කිරීමට බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රජයට යෝජනා කර ඇත.
අධික වර්ෂාපතනය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබන බවත් එම ලාභයේ ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට යෝජනා කරන බවත් එම කාරක සභාව සඳහන් කරයි.
විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කරන ලෙස ජනතාව සහ පාරිභෝගික සංගම් රජයෙන් ඉල්ලීමක් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුහරුපෙන් අදහස් ප්‍රකාශ කරන්නත් ඔට්ටු ද? නැතිව මුන්ට තේරෙන්නේ නෑ.
නිකං බොරු කරන්න එපා. දැන් මහජන මතයට අනුවද මිල වැඩි කරල තියෙන්නෙ.
මොකෝ ඇමතිගේ බාලගිරි දෝෂය තවම හරි ගියේ නැතැයි ?පොදු ජනයා ගොනාට අන්දපු කාලේ කෙටි වේගෙනයි යන්නේ ඔය කාරක සභා තිය තියා තව තව පුටු රත් කරන්නේ නැතිව පාර්ටා බැහැලා බලන්න මිනිස්සුන්ගේ දුක.අවශ්‍යනම් හෙල්මට් පැළඳ ගත්තාට කම් නැත
ඔබලා ඔක්කොටම තව ටික කාලයයි තියෙන්නේ...!
පසුගිය වසරේ එහෙම නැත්නම් ගිය අවුරුද්දේ එහෙමත් නැත්නම් 2023 අවුරුද්දේ වාර කීපයක්ම විදුලිය බිල් වැඩිකළා... එනිසා අවසන් වතාවේ වැඩිකළ සම්පූර්ණ වැඩිවීම මෙවර අඩුකරන්න කියලා තමයි ජනතා මතය වෙන්නේ...!
වසර දෙකක් මුලුල්ලෙ විදුලි බිල තුන් හතර ගුනයකින් වැඩි කරාට දැන් 3% සොච්චමකින් අඩු කරන එකේ තේරැම කුමක්ද? ජනතව බොරුවට මුලා කරන්න එපා.