
(නිමල කොඩිතුවක්කු)
විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය.
දූෂණය නවතනු විදුලි බිල අඩු කරනු - විදුලි බිල අහසට මුළු රටම අඳුරට තේමාවෙන් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිල, මනෝ ගනේෂන්, නලීන් බණ්ඩාර, දිලීප් වෙදආරච්චි, මුජුබර් රහුමාන්, චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.
ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය.
උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බවත් එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි දවස ගානේ මොකක් හරි උස්සගෙන වොයිස් කට් එකක් දුන්නා දවස ගෙවා ගත්තා.ආන්ඩුවට හරිමයන විපක්ෂ ය.ආන්ඩුව ගහන්නෙත් එදා වේල ටුවර් නිසා අවුලක්.නෑ.
මේ විහිළු ජනතාවට එපාවෙලා... මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. විදුලි, ජල බිල්පත්, ගෙවල්කුලී කෝටි ගණන් ගෙවලා නෑ... මැති ඇමැතිවරු ඒවට විරුද්ධවත් පාර්ලිමේන්තුව ඉස්සරහ පිකටින් කරන්න.
උද්ධ මානයෙන් "උද්ධමනය" ගැන බලන අපේ විපක්‍ෂතුමන්ලානෙනි. සජිත් මහත්තයා එංගලන්තයේ ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තු කෙනෙක්..! එතුමාගෙන් අහලා බලන්න පිරිවැය හදන හැටි.! තිස්ස අත්තනායකගේ දෝණි ඉන්නේ පිටරටක නේද..? අහලා බලන්න කියන්න දෝණිගෙන් ඒ ඉන්න රටේ විදුලිි බිලත් 75%කින් ඉහළ ගියා නේද කියලා..! අපේ වයසට ගිය සමඟි වෝල්ට්-ඒජ් බලය..!!