(යොහාන් භාසුර)
විදුලිබල අමාත්‍යංවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3) පැවසීය.
විදුලිබල අමාත්‍යවරයා විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟ හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙකුගේ විරෝධතාව හේතුවෙන් සතියකට කල්දමා ඇති බව කී නිහාල් වීරරත්න මහතා කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පසුවට කල්දැමීම නිසා ඒ වෙනුවෙන් කළ විරෝධතා තාවකාලිකව අත්හිටුවන අතර එය නැවත බලගැන්වීමට උත්සහ කළ හොත් වෘත්තිය සමිති නැවත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
නීතිරිතීවල පයින් ගසා ප්‍රතිපත්තියක් යැයි එකක් හදාගෙන ජනතාවට දරාගත නොහැකි විදුලි ගාස්තු ක්‍රමයක් ඉදිරිපත් කළ බව කී වීරරත්න මහතා පැවසුවේ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීමට අවශ්‍ය නම් නියමිත ක්‍රමවේදයට අනුව විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියේ කළමනාකාරිතවය හරහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමුකළ යුතු බවත්ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දාන්න
fairoos Tuesday, 03 January 2023 01:33 PM
රනිල් රාජපක්ශල එකතුවෙලා රට නැත්තටම නැති කරන්ඩයි හදන්නෙ
කුමා Tuesday, 03 January 2023 01:42 PM
මන්ඩලේ ඉන්න කූනු බක්කි වගේ මෙලෝ රහක් නති ඉන්ජිනෙරුවෝ ටික අයින්කරලා දාන්න
Sunil Tuesday, 03 January 2023 02:14 PM
ගොන් ඇමතියත් ඒක්කම දාන්න.
Lalla Tuesday, 03 January 2023 03:38 PM
ඇමතිවරයා ලංවිමේ ඉංජිනේරු මාෆියා කල්ලියට වඩා හොඳයි.
Viparama Tuesday, 03 January 2023 03:43 PM
ඇමති සිටින්නේ , ජාතියක් රැකීමට. ඔහු එය සැහැල්ලුවට නොගත යුතුයි.