(යොහාන් භාසුර)
විදුලිබල අමාත්‍යංවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3) පැවසීය.
විදුලිබල අමාත්‍යවරයා විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟ හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙකුගේ විරෝධතාව හේතුවෙන් සතියකට කල්දමා ඇති බව කී නිහාල් වීරරත්න මහතා කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පසුවට කල්දැමීම නිසා ඒ වෙනුවෙන් කළ විරෝධතා තාවකාලිකව අත්හිටුවන අතර එය නැවත බලගැන්වීමට උත්සහ කළ හොත් වෘත්තිය සමිති නැවත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
නීතිරිතීවල පයින් ගසා ප්‍රතිපත්තියක් යැයි එකක් හදාගෙන ජනතාවට දරාගත නොහැකි විදුලි ගාස්තු ක්‍රමයක් ඉදිරිපත් කළ බව කී වීරරත්න මහතා පැවසුවේ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීමට අවශ්‍ය නම් නියමිත ක්‍රමවේදයට අනුව විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියේ කළමනාකාරිතවය හරහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමුකළ යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ශල එකතුවෙලා රට නැත්තටම නැති කරන්ඩයි හදන්නෙ
මන්ඩලේ ඉන්න කූනු බක්කි වගේ මෙලෝ රහක් නති ඉන්ජිනෙරුවෝ ටික අයින්කරලා දාන්න
ගොන් ඇමතියත් ඒක්කම දාන්න.
ඇමතිවරයා ලංවිමේ ඉංජිනේරු මාෆියා කල්ලියට වඩා හොඳයි.
ඇමති සිටින්නේ , ජාතියක් රැකීමට. ඔහු එය සැහැල්ලුවට නොගත යුතුයි.