(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය මේ මස අග දැනුම් දීමට නියමිත බවද හෙතෙම අවධාරණය කළේය.
කුමාර ජයකොඩි මහතා මෙසේද පැවසීය.
විදුලිබිල සම්බන්ධයෙන් ආණ්ඩුව තවම තීරණයක් අරගෙන නැහැ. එ් වගේම විදුලිබල මණ්ඩලය තවම තමන්ගේ ගණනයන් කොමිසමට බාරදීලත් නැහැ. මේ මාසයේ අග තමයි කොමිසම තීරණයක් ගන්නේ. අපි සුබවාදීව හිතනවා. වැඩි නොකර ඉන්න. අපිටත් ඕන බිල අඩු කරලා ස්ථාවරව ගෙනියන්න.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා;
අධික විදුලි බිල හේතුවෙන් පාරිභෝගිකයන්ගේ ජීවිතවලට අහිතකර බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ජීවන වියදම වැඩිවෙලා තියෙනවා. අනාගත සංවර්ධනයට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. අයිඑම්එෆ් කොන්දේසි අනුව විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ආරංචියි. අපේ රට පාලනය කරන්නේ අයිඑම්එෆ්ද. මේ ආණ්ඩුවද. ජාත්‍යන්තර බලපෑමට යටත් වෙලා පාරිභෝගිකයන් පීඩාවට පත්කිරීමට කටයුතු කරනවාද. අපේ ස්වාධිපත්‍යය අහිමි වෙලාද. කොහොමද අපි පාලනයක් ඇති කරගන්නෙ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
විදුලි බිල ඉහළ දාන්නේ නෑ
යෝගා Thursday, 08 May 2025 02:40 PM
මෙන්න තවත් පචයක්. විදුලි බිල වැඩි කරන්න නැව් අනුර දැනටමත් අයිඑම්එෆ් එකට පොරොන්දු වෙලා ඉවරයි. පොරොන්දුව කඩ කලොත් නැව් නගින්න තමයි වෙන්නේ.
අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 04:45 PM
යන එන මං නැති රනිල්ගේ ගැටව් කෙඳිරි ගානවා.
රුවන් Thursday, 08 May 2025 04:44 PM
යෝගා වැඩ කරන්නේ IMF ඒකේද? මාරම දේවල් දන්නේ.
ගුණරත්න Thursday, 08 May 2025 06:34 PM
අද මට මැසේජ් එකක් ආවා, දිස්කොනේක්ෂන් නෝටිස් එකක් කියලා හිඟ මුදල 3500යි, එක ගෙව්වේ නැතොත් කරන්ට් කපනවා කියලා, අවුරුදු මාසේ නිසා බිල නොගෙව්වා, ඒත් අපි ඒවා නොගෙවා ඉන්නේ නැහැ.. නමුත් දැන් ආණ්ඩුවේ ම්ලේච්ඡකම තමයි ඔය තරම් සුළු මුදලකට පාරිභෝගිකයෝ ලැජ්ජාවට පත්කරන එකත් මේ වියදම් අධික මාසයක් කියලා තේරුම් ගන්න බැරිකමත්....
Naleen Thursday, 08 May 2025 10:24 PM
මහා මෝඩ ඇමැතිවරයෙක්... ඡන්දෙ ඉවර වුණාම කියනවා බිල වැඩි කරන්නේ නෑ කියලා...
Kaithan Friday, 09 May 2025 12:55 AM
පොඩ්ඩක් ඉවසලා හිටහල්ලකෝ. වෙලාව ආවාම ගාණට වැඩි කරලා දෙන්නම්.