(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව විදුලිබිල ගෙවා නැතැයි අසත්‍ය ප්‍රකාශයක් කරමින් අපහාසයක් කළ රංජන් ජයලාල් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවන්නේ නැතිව පැහැර හැරී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබූ බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුව මෙන්ම ජනාධිපති කාර්යාලයද අඛණ්ඩව එම විදුලි බිල ගෙවා තිබෙනව අතර මෙි වන විට කිසිම හිඟ මුදලක් නැතැයි පැවසීය.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් වන ආකාරයට අදාළ ප්‍රකාශය කළ රන්ජන් ජයලාල් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙනැවිත් ඒ පිළිබඳව නීතියෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද කංචන විජේසේකර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් ජයලාල් වැසිකිලියට ගියත් මූ කළබල වෙනවා, අදාල චෝදනාවට උත්තර දෙන්නේ නැතුව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙන්න හදනවා. රනිල් ගේ ගොන් වස්සා.
රන්ජන් ජයලාල් කියන හාදයාගේ කටට අයිස් ටිකක් දාලා හරි වහනවා නම් හොඳයි
අනුන්ගේ අසත්‍ය ප්‍රකාශ වලින් අපහාසයක් වන අතර තමන්ගේ අසත්‍ය ප්‍රකාශ වලින් යහපතක් වේ යැයි සිතන ඇමතිතුමා , විදුලි බල ඇමතිතුමාගේ වරප්‍රසාද කඩන වුන්ට දැඩි දඩුවම්........... අහෝ දෙව් දත් නොදුටි මොක් පුර
තමුන්ගේ ක්‍රියාකාරකම් නිසා සමස්ත මහජනතාවගේ වරප්‍රසාද නෙවෙයි ජීවත්වීමේ අයිතියත් නැතිවෙලා. ඒවාට වග කියන්නේ කවුද? අනෙක පාර්ලිමේන්තුවේ එකෙකුටවත් ඇති ගෞරවයක් නැහැ. ඔක්කෝම කාලකණ්නි තිරිසන්නු. අහිංසක ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ.