(සුජිත් හේවාජුලිගේ)
විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනා බාරදීමට අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත
එම යෝජනා මැයි මස 1 වැනිදා කොමිසමට ලබාදීමට නියමිතව තිබුණත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත එම කාලය පසුගිය10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.
කෙසේ වෙතත් පසුගිය 10 වෙනිදාද ලංකා විදුලි බල මණ්ඩලය අදාළ යෝජනා කොමිසමට ඉදිරිපත් නොකළ බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව කොමිසම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක්ද කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දේ ළං වෙනකල්ම ජනතාව සුරා කාපල්ලා
එක මෝසමක් ඉවර වෙලා තව එකක් ඇවිත්. මුන් තාම අඩුකරන්න හදනවා. අපි දන්නවා උඹලගේ ඡන්ද ගුණ්ඩු. ඡන්දේ කට උඩ තියන් ගහන ගැටවලට අපි අහු වෙන්නෙ නෑ. ඒ ගොනා වික්කා.
ඡන්දය ලං වෙන තුරු මෙහම කල් මරනවා. ඒ වුණාට ජනතාව දැනටමත් තීන්දු අරන් අවසන්.
සියලු අකාර්යක්ෂම අයව රජයේ සේවය තුළින් අතුගා දැමීමට පමණක් අනාගතයට පමණක් රටක් ඉතිරි වෙයි...
අඩු කරන්න එපා ඔහොමම තියපල්ල තව ටික දවසයි දෙන්නම් උඩින් යන්න විශේෂයෙන් අර කටහැකර ඇමැතියාට
අපි මේ සැරෙත් රැවටෙන්න යන්නේ.. අපිව මාස 3 -4 රවට්ටලා, මුන් හදන්නේ තවත් අවුරුදු පහක් අපෙන් නිකන් කන්ඩ, විදුලි බිල විතරක් මදි. ඩිසල් පෙට්‍රල් ගෑස් වතුර වැට් ඔක්කෝම අඩුවෙනවා...
ඇමැතිතුමා ලංකාවෙ මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ සතියකට ආසන්න කාලයක් පමණයි ඉතින් ඔය වැඩේ අනගාරික ධර්මපාල තුමාගේ නැත්නම් ජේආර්ගෙ උපන් දිනයේ හෝ එයට ආසන්න කාලයේ කලොත් වැඩක් නැහැ ඒ දිනවල ගෙවන බිලේ ගාස්තු අඩුකරන්න නැත්නම් ඉතින් සුම්මා තමා
වැඩි කරනවිට ක්ෂණිකව. අඩු කරන විට බාලගිරි දෝෂය.