IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිල අඩු කරන්න බිලියන 13ක් උපයන හැටි වජිර කියයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන සෙසු පුද්ගලයින් තමාට රට ගොඩනැගීමට නොහැකි වන බව දන්නා හෙයින් ඔවුන් කළ යුත්තේ රට ගැන සිතා ඉල්ලුම්පත්‍ර වත් බාරදී නොදී සිටීම බව අබේවර්ධන මහතා කීය.

බැරි බව දැන ජනතාවට අනවශ්‍ය බරක් පටවන්නේ නැතිව සිටීම ඔවුන්ගේ වගකීම යැයි ද අබේවර්ධන මහතා කීය.

රටේ නායකත්වය බාරගෙන අරාජික රට ගොඩ නැගීමට සියලු දේශපාලන පක්ෂවලට අවස්ථාව උදාවුණත් එම අවස්ථාවේදී අද කතා කරන සියලුදෙනා එම වගකීම පැහැර හැරිය බව කී අබේවර්ධන මහතා එම වගකීම බාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණක් බව සඳහන් කළේය. දැන් කළ යුත්තේ වත්මන් ජනාධිපතිට රට ගොඩනැගීමට අවස්ථාව දී ඔහුට එය කිරීමට සහයෝගය ලබාදීම පමණකියි ද එජාප සභාපතිවරයා පැවසීය.



අදහස් (14)

විදුලි බිල අඩු කරන්න බිලියන 13ක් උපයන හැටි වජිර කියයි

C.K.Lankaputhra Monday, 23 October 2023 07:26 PM

අම්මේ මෙතුමාට තියෙන්නේ පුදුම මොලයක්නේ. මෙයා ඔය මොලේ ඉල්ලාගත්තේ හරි, දුන්නේ හරි අර මොල හතක් තියන ඔය ගොල්ලන්ගේ අලුත් යාලුවා වෙන්න ඇති මයේ හිතේ... දැන් ඔයාලා එක වල්ලේ පොල්නේ... අනේ නිකන් ඉන්න අපේ කට අවුස්සගන්නේ නැතුව...!

:       0       0

Kamal Monday, 23 October 2023 07:38 PM

වඳුරට කඩුව දීලා නිදාගත්ත රජතුමාගේ කතාව නූතන සමාජයට තේරෙන විදිහට රඟ දක්වන්න හදනවා වගේ. වජිර මහත්තයාව සමාන කරන්න පුළුවන් පී.බී ජයසුන්දර මහත්තයාට විතරයි. දෙන්නම තමන්ගේ නායකයාගේ දේශපාලන ජීවිතය ඉවර කරන්න උපන් හපන් කෙනෙක්...

:       0       0

සාලිය​ Monday, 23 October 2023 08:28 PM

එයත් ඉල්ලුවේ නැත්නම් තවත් ඉතුරු වේවි.. ඔයත් ගෙදරම ඉන්න​...

:       0       0

රනිල් අබේවර්ධන Monday, 23 October 2023 08:51 PM

විදුලි ඒකකයකට පාරිභෝගිකයා අද ගෙවන්නේ රුපියල් 47 කි. රටේ වාර්ෂික පරිභෝජනය ඒකක මිලියන 15,000 කි. ඡන්දය නැතිව රුපියල් මිලියන 13,000ක් ඉතිරි කරගත්තොත් මේ වසරේ විදුලිමිල රුපියල් 13,000/15,000 = ශත අනුවකින් අඩු කරන්න පුළුවන්... ඒ කියන්නේ රුපියල් 47 රුපියල් 46.10 වෙයි. ළඟදී කළ වැඩිකිරීම රුපියල් 8කි. ඔය කියන කෙනා කොන්ත්‍රත් මිතුරන්ට ලබාදීමට වලිකන නිසා රුපියල් 20ට හා රුපියල් 30ට විදුලිය නිපදවීම ඇහිරී දැන් අවුරුදු 20ක්. පාරිභෝගිකයා ගෙවන්නේ ඒ පවයි...!

:       0       0

සුපුන් Monday, 23 October 2023 08:55 PM

මේ යක්කුන්ට දැන් හොඳටම මොන්ගල්. විදුලි බිල වගේද ‍අපේ ළමයින්ගේ අනාගතේ...!

:       0       0

චන්දිම Monday, 23 October 2023 09:38 PM

දැන් නම් මෙයාගේ ඔලුව හොඳටම නරක් වෙලා. පිස්සුවෙන්ද කොහෙද මේ බහුබූත දොඩවන්නේ...? වහාම මානසික උපදෙස් ලබා දිය යුතුයි.

:       0       0

Nimal Monday, 23 October 2023 10:26 PM

ඒ විදිහට ගත්තොත්, ඔබලා ඔක්කොම ඉපදිලා හිටියේ නැතිනම්, මේ රට නිකන්ම දියුණු වෙන්න තිබ්බා...

:       0       0

Sena Monday, 23 October 2023 11:36 PM

ඔයා හිතුවේ රට සෙල්ලම් ගෙයක් කියලද? ඔයාට පිස්සු නම් ජනපති අරමුදලෙන් හරි සල්ලි අරං බෙහෙත් ගන්න.

:       0       0

සුගත් දිසානායක Tuesday, 24 October 2023 02:45 AM

ඒකට කමක් නෑ ඡන්දේ තියමු. ඔබලාව රොත්ත පිටින් එලවන එක ඊට වඩා වටිනවා...

:       0       0

Amitha dasanayake Tuesday, 24 October 2023 07:23 AM

හොරකම් කළ සල්ලි එළියට දාන්න... එච්චරයි..

:       0       0

Harshana Gunathilaka Tuesday, 24 October 2023 09:17 AM

පැරැදිලා යන්තම් ජාතික ලැයිස්තුවෙන් රිංගා ගත්ත එකෙක් ඡන්දයක් නොතියා තෝරාගන්න. මේ යකාට නම් දැන් ප්‍රතිකාර පටන් ගන්න කාලේ හරි...!

:       0       0

Ruwan R Tuesday, 24 October 2023 09:31 AM

එහෙම අඩු කරන්න බලාගෙනද මේ සැරේ වැඩි කරේ...?

:       0       0

Thilak Tuesday, 24 October 2023 10:34 AM

මාර මොලේ.. වැස්සට තෙමෙන්න දෙන්න එපා...!

:       0       0

Bamunuarachchi Tuesday, 24 October 2023 03:57 PM

මුගේ මොලේ කචල් වගේ. ජනතාවගේ මොලේ කචල් උනොත් ගෙදරට අසුචි ගහනවා ෂුවර්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site