(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (28) පැවැත්වෙන බව එම කොමිසමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනා සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නේද එසේ නැත්නම් මීට පෙර ඉදිරිපත් කළ විදුලි ගාස්තුව සියයට 3.34 කින් අඩු කිරීමට කළ යෝජනාවේ ක්‍රියාමාර්ග නව යෝජනාවට අදාල කරන්නේද යන්න එම රැස්වීමේදී තීරණය කරන බව ද එම සාමාජිකයා කීය.
විදුලි ගාස්තු අඩු කිරීම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම මහජන උපයෝගිතා කොමිසමේ බලාපොරොත්තුව බවත් ඒ සඳහා නීතියානුකූලව ගතහැකි සියලුම පියවර ගන්නා බවත් එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරන්න තිබුණු උනන්දුවක් අඩු කරන්න නැහැ ... එපා වාහෙට හොදි බෙදනවා වගේ... ඇයි එතකන් තව මාටිය ගැහිලි පුළුවන්නේ...
එපා අඩු කරන්න. හැබැයි හොඳින් මතක තියාගන්න කොයිකාගෙත් තටු කපන කාලේ වැඩි ඈතක නොවේ...
වැටුප් යානවාහන සියලු දීමනා භුක්ති විඳිමින් රටට ජනතාවට සතපහක වැඩක් නැති අපතයින් මොවුන්...!
තවම නැකත හරි ගියේ නැහැ වගේ තවම ගසාකන්න පුළුවන් ඇමතියගේ සිට හැමෝටම හෙන පාත්වෙනවා... මෙච්චර කල් අපේ මුදල් හූරාකාලා දැන් තොත්ත බබා පාට්දානවා. මේවාට වග කියන්න ඕනෑ අය හැමෝටම ජනතා උත්තරය කොයිවගේද කියා පෙන්වයි.